Thursday, December 11, 2014

මේ දෑස කුමටද | Me Desa Kumatada


දිනක් දුම්රියක් එන තුරු දුම්රිය නැවතුම් ස්ථානයක(හෝමාගම අවට) සිටියදී එහි ස්ථානාධිපති සමග සුහද කතා බහකට මග පෑදිණි. ඔහු ද මා මෙන් පැරණි ගීත වලට ආදරය කරන පැරණි චිත්‍රපටි වලට ආදරය කරන සොඳුරු මිනිසෙකි. ඉතා වටිනා පැරණි චිත්‍රපටි එකතුවක් මෙන්ම, ඒවා වටා බැඳී රස කතා ගොන්නක් ද ඔහු සතුය. එසේ කිවූ එක කතාවක් මෙසේ ඔබ හා බෙදා ගන්නේ එහි ඇති හාස්‍ය රසය නිසාමය. ඔහු කතාව පටන් ගත්තේ මෙසේය,
"මල්ලි මාගේ ගම මාතර. මේක අපේ පැත්තේ වුනු ඇත්ත සිද්දියක්"



Monday, October 20, 2014

Never underestimate the power of your actions!


This is not my story, and it’s made the rounds of the internet, but for anyone that hasn’t seen it, I hope that it shows how much you can affect someone’s life and gives you a good feeling knowing that you have positively affected SO many people.

One day, when I was a freshman in high school, I saw a kid from my class was walking home from school. His name was Kyle. It looked like he was carrying all of his books. I thought to myself, "Why would anyone bring home all his books on a Friday? He must really be a nerd." I had quite a weekend planned (parties and a football game with my friend tomorrow afternoon), so I shrugged my shoulders and went on. As I was walking, I saw a bunch of kids running toward him. They ran at him, knocking all his books out of his arms and tripping him so he landed in the dirt. His glasses went flying, and I saw them land in the grass about ten feet from him. He looked up and I saw this terrible sadness in his eyes. My heart went out to him. So, I jogged over to him and as he crawled around looking for his glasses, and I saw a tear in his eye.



Monday, April 14, 2014

අවුරුදු කෝලම් | Funny New Year

පළමුව ලැබුවා වූ අවුරුද්ද ආදරය සතුට පිරුණු සියලු යහපත් පැතුම් ඉටු වන සුභ අලුත් අවුරුද්දක් වේවා යැයි පතමි!
දෙවනුව අවුරුදු සමයේ මුහුණුපොතේ සැරි සැරූ ඉල ඇට ඇදෙන කම් සිනා විය හැකි පින්තූර 5ක් මෙසේ පෙළ ගස්වමි.



Sunday, April 13, 2014

හැරී හුදීනි ගේ මායාකාරී මුහුණ | Harry Houdini's Deceptive Face

හොඳයි මෙයත් තවත් එක් දෘශ්‍ය මායාවක් වන අතර බහුරුත් චිත්‍ර වර්ගයට අයත් වේ.

ඉතින් මොහු බලන්නේ ඔබ දෙස ද? ඔබේ දකුණු පස ද?






Saturday, April 12, 2014

වංග කතාවකට එදිරිව සූෆි කතාවක් | Wanga story vs. Sufi story


හොඳයි මෙම බ්ලොග් ලිපිය මා කියවූ කතා දෙකක මා දුටු සම්බන්ධයක් නැතහොත්, එක් කතාවක ලේඛකයාට පැන නැගුනු ප්‍රශ්නයකට තවත් කතාවක් පිළිතුරක් වී ඇති බව පෙන්වීමට මා දරන ලද සුළු උත්සාහයකි.

අරණකට පෙම් බැඳි සත්‍යා ට එදා ඒ සිතට ආ ප්‍රශ්නයම කලෙක මගේ සිතෙත් හොල්මන් කළ සැටි මට මතකය. ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන ලද්දේ සූෆි කතාවකකුහුඹුවෙකි. මෙය මාගේ සිතට නැගුනු තවත් එක් මෝඩ අදහසක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇති නමුත්, කියවා විමසා බලන මෙන් ඉල්ලා සිටිමි.



Friday, April 11, 2014

මඟුල් කරඳ සහ අහිකුන්ඨිකයෝ | Magul Karanda & Sri Lankan Gypsy People (Ahikuntaka)


කොළඹ කොටුව නව පෞද්ගලික බස් රථ නැවතුම්පල පසෙකින් එක පෙලට සිටුවා තිබු ආයුර්වේදීය වටිනාකමක් ඇති, නගරයක සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන අගනා දේශීය ශාක කිහිපයක් අහම්බෙන් මෙන් අපගේ නෙත ගැටුණි. ඒ අතර තිබු පසු කලක මඟුල් කරඳ ලෙස ජනයා හඳුන්වන කරඳ ගසක් මෙසේ මෙම ලිපියට හේතු කාරණා විය...



Thursday, April 3, 2014

අතේ සිදුරක් | Hole in the Hand (optical illusion you can do at home!)


මෙය ඔබට නිවසේදී අත්හදා බැලිය හැකි ඉතා අගනා දෘශ්‍ය මායාවකි. කාඩ්බෝඩ් බටයක් ගෙන හෝ කඩදාසියක් ඉහත ආකාරයට රෝල් කර ඉක්මනින් සුදානම් වන්න...



Tuesday, April 1, 2014

තාරාව ද? හාවා ද? | Duck or Rabbit?


හොඳයි මෙයත් දෘශ්‍ය මායාවක් වුවත් ඉතා වැදගත් එකකි. හේතුව නම් දැනට සොයාගෙන ඇති පරිදි ලෝකයේ බිහි වූ පැරණිතම දෘශ්‍ය මායා වලින් එකකි මෙය. බහුරුත් චිත්‍ර වර්ගයට අයිති වන මෙය, එක් ආකාරයකින් බැලූ විට හාවෙකු පෙනෙන ලෙසත්, තවත් ආකාරයකින් බැලූ විට තාරාවෙකු පෙනෙන ලෙසත් ඉතා සූක්ෂම ව නිර්මාණය කර ඇත.



Monday, March 31, 2014

මුද්දක් දමා ඇති ඇඟිල්ල අනුව එහි අර්ථය | Meaning of rings on each finger



අද තරුණ තරුණියන් මෙන්ම පාසල් යන ළමුන් ද පාහේ තේරුම දැන හෝ නොදැන ඇඟිල්ලක මුදුවක් පැළඳීමට ප්‍රිය කරයි. විලාසිතාවට හෝ අන් අය තමා කෙරෙහි ආකර්ෂණය කර ගැනීමට කීයා කියමුකෝ... සමහරවිට අපලයට කියා ගෙදරින් බලෙන් දැමුවාද විය හැක. කෙසේ වෙතත් මුදුවක් පැළඳීමේ තේරුම මේ ආකාරය වේ.



Sunday, March 30, 2014

ලාංකීය සිනමාවේ මහ අප්පච්චී - ජෝ අබේවික්‍රම | Joe Abeywickrama


ඔහු පනහ දශකයේ සිටි අනෙකුත් නළුවන් මෙන් සුකොමල තරුණයෙකු නොවිණි. පොත්තේ වර්ණය ද සුදු නොවිණි. එකල තරුණියන්ගේ සිතේ දඟකාරකම් කළ සිහින කුමරුවෙකු වූවා දැයි යන්නද සැක සහිතය. නමුත් ඔහු නියම ගැමි සිංහලයෙකු යැයි කිව හැකි රුවකට හිමිකම් කීවෙකු මෙන්ම තමන්ටම අවේණික වූ රංගන විලාසයක් තනා ගත් අයෙකු විය (එකල සිටි සියලුම ප්‍රේමනීය හෝ විකට නළුවන් පාහේ කලේ ඉන්දියානු නළුවන් අනුකරණය කිරීම මිස, තමාට අවේණික රංග විලාසයක් පෙන්නුම් කිරීම නොවිණි). ඔහු මා විශ්වාස කරන පරිදි එදා මෙදා තුර ලංකාවේ පහල වූ විශිෂ්ටතම රංගධරයා වන අතර, නමින් ජෝන් අබේවික්‍රම නැතහොත් අප සියල්ලන්ම ආදරය කරන ජෝ අබේවික්‍රමයන් ය.



Facebook Comments