Friday, April 11, 2014

මඟුල් කරඳ සහ අහිකුන්ඨිකයෝ | Magul Karanda & Sri Lankan Gypsy People (Ahikuntaka)


කොළඹ කොටුව නව පෞද්ගලික බස් රථ නැවතුම්පල පසෙකින් එක පෙලට සිටුවා තිබු ආයුර්වේදීය වටිනාකමක් ඇති, නගරයක සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන අගනා දේශීය ශාක කිහිපයක් අහම්බෙන් මෙන් අපගේ නෙත ගැටුණි. ඒ අතර තිබු පසු කලක මඟුල් කරඳ ලෙස ජනයා හඳුන්වන කරඳ ගසක් මෙසේ මෙම ලිපියට හේතු කාරණා විය...

මඟුල් කරඳ ශාකය

තැන තැන තම තාවකාලික වාසස්ථාන තනා ගන්නා ඔවුන් අප කවුරුත් පාහේ අහිකුන්ඨිකයන් ලෙස හඳුන්වන අතර අත බලා සාස්තර කීම, නයි නැටවීම ආදී දෙයින් තම බඩ වියත රැක ගනියි. 

ජීවිකාව සඳහා වඳුරෙකු නටවන අහිකුන්ඨිකයෙකු හා අත බලා සාස්තර කියන ඔහුගේ බිරිඳ

නයි නටවන අහිකුන්ඨිකයන් පිරිසක්

පාළුවට ගිය හිස් ඉඩමක් හෝ අයිතිකරුවන්ගෙන් අවසර ලබා ගන්නා භූමියක කුඩා කුඩාරම් අටවා ගන්නා ඔවුන් උපරිම වශයෙන් සතියක කාලයක් (දවස් 7ක්) එම ස්ථානයේ රැඳී සිටියි. මෙසේ ඔවුන් කුඩාරම් අටවා ගන්නේද නැවත වෙනත් ස්ථානයකට ගොස් කුඩාරම් අටවන්නේද කරඳ ගසක් ඇති ඉඩමක වීම විශේෂත්වයයි. තවද ඔවුන් ගේ කණ්ඩායමේ තරුණයෙකු හා තරුණියෙකු විවාහ දිවියට පැමිණියහොත් එම යුවල තවත් දවස් 7ක් එම ස්ථානයේම රැඳී සිටීම සිරිතකි. මෙසේ ඔවුන් විවාහ වන්නේද, විවාහ වී මුල් දවස් 7 ගත කරන්නේද කරඳ ගසක් අසල වීම අනෙක් විශේෂත්වයයි.

කරඳ ගස පසුකලෙක මඟුල් කරඳ වන්නේ ඒ නිසාය.


කෙසේ නමුත් අහිකුන්ඨිකයන් මඟුල් කරඳ ගස තෝරා ගැනීමට හේතුව මෙයයි;
ඔවුන් දවස් 7ක් එක තැන ජිවත් වෙනවා යනු, ඔවුන් කන්නේ ද බොන්නේ ද නාන්නේ ද නිදියන්නේ ද තම වැසිකිලි අවශ්‍යතාවන් සපුරා ගන්නේ ද එම ඉඩම තුළදීමය. ඉතින් දවස් ගත වෙත්ම කුණු ආදිය එකතු වී ඒ අවට ප්‍රදේශය ජරාවට පත් වී පණුවන් බෝවීමට පටන් ගනියි. නමුත් ස්වභාවයෙන්ම විෂ නැසීමට ඇති හැකියාවක් ඇති මඟුල් කරඳ ප්‍රධාන වශයෙන් පණුවන් ආදිය බෝවීම වලක්වයි.


මෙහි ඇති ආයුර්වේද වටිනාකම හා තවත් විස්තර දැන ගැනීමට මෙම ලින්ක් එක තුලට ගොස් බලන්න.
http://www.instituteofayurveda.org/plants/plants_detail.php?i=655&s=Local_name

මෙම ලිපියට පාදක වුයේ අප පාසලේ මාගේ සහෝදර ගුරුවරියක වන බුද්ධිකා මෙනවිය සමග බසයක් එන තෙක් ඇති වූ කතාබහක මා අහුලා ගත් දැනුම ස්වල්පයකි. ස්වභාවධර්මයා, ගහ කොළ, සතා සර්පයා පිළිබඳ පුළුල් දැනුමක් ඇති ඇයට මෙහි සියලුම ගෞරවය හිමි වේ... ස්තූතියි.




Like the Post? Do share with your Friends.

4 comments:

  1. දන්නෙ නැති අළුත් දෙයක්... ස්තූතී

    ReplyDelete
    Replies
    1. සතුටුයි.. ජය වේවා!

      Delete

මංතලාවට අපි ඔබව සාදරයෙන් පිලිගන්නෙමු!
මංතලාව යනු මගේ ජීවිතයේ දී මා යාමට තෝරාගත් මාවතයි. එහිදී මට හමුවූ, මා දුටු හා සොයා ගත් වැදගත් යැයි හැගෙන සියලු දේ "මංතලාව" හරහා මෙසේ ඔබ සමග බෙදා ගන්නෙමි...
ලිපිය කියවා කැමති අදහසක් ලියලා යන්න...
ලොග් වෙවී ඉන්න කරදර නම් "Comment as: Anonymous" තෝරලත් කමෙන්ටුවක් දැම්ම හැකි කිසි කරදරයක් නැතිව... නැත්නම් Facebook භාවිතා කර කමෙන්ට් කරන්න පහත කොටසින්..

Facebook Comments