Sunday, March 30, 2014

ලාංකීය සිනමාවේ මහ අප්පච්චී - ජෝ අබේවික්‍රම | Joe Abeywickrama


ඔහු පනහ දශකයේ සිටි අනෙකුත් නළුවන් මෙන් සුකොමල තරුණයෙකු නොවිණි. පොත්තේ වර්ණය ද සුදු නොවිණි. එකල තරුණියන්ගේ සිතේ දඟකාරකම් කළ සිහින කුමරුවෙකු වූවා දැයි යන්නද සැක සහිතය. නමුත් ඔහු නියම ගැමි සිංහලයෙකු යැයි කිව හැකි රුවකට හිමිකම් කීවෙකු මෙන්ම තමන්ටම අවේණික වූ රංගන විලාසයක් තනා ගත් අයෙකු විය (එකල සිටි සියලුම ප්‍රේමනීය හෝ විකට නළුවන් පාහේ කලේ ඉන්දියානු නළුවන් අනුකරණය කිරීම මිස, තමාට අවේණික රංග විලාසයක් පෙන්නුම් කිරීම නොවිණි). ඔහු මා විශ්වාස කරන පරිදි එදා මෙදා තුර ලංකාවේ පහල වූ විශිෂ්ටතම රංගධරයා වන අතර, නමින් ජෝන් අබේවික්‍රම නැතහොත් අප සියල්ලන්ම ආදරය කරන ජෝ අබේවික්‍රමයන් ය.


"දේව සුන්දරී (1962)" ඔහු රඟපෑ පළමු චිත්‍රපටය වුවත්, දෙවනියට රඟපෑ "සරදම් (1957)" චිත්‍රපටය පළමුව ප්‍රදර්ශනය විය.  "සාරවිට (1965)" චිත්‍රපටහි සාරයියගේ චරිතය නිරුපණය තුලින් ඔහු සුපිරි කුසලතාවයක් ඇති නළුවෙකු බව ප්‍රථම වරට ලොවට පෙන්වීමට ඉඩ සැලසුනි.

සාරවිට (1965)

එකල සිනමා නිෂ්පාදකයන් ජෝ ව විකට නළුවෙකු ලෙස සැලකීම නිසා දිගු කාලයක් විකටයාගේ චරිතයට කොටු වී සිටීමට ඔහුට සිදු විය. මෙසේ ඔහු රඟපෑ විශිෂ්ටතම සිනමා පටයක් ලෙස "කොළඹ සන්නිය (1976)" නම් කළ හැක.



( "කොළඹ සන්නිය" සිනමාවේ බිහි වූ සුපිරිතම කොමියක් වන අතර, ඔබ දැනටමත් නරඹා නැතිනම් වහාම නරඹන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. youtube අඩවියේ චිත්‍රපටය තිබ්බා යැයි මතකය.)

අනෙකුත් විකට නළුවන් මෙන් ප්‍රේක්ෂකයන් බලෙන් සිනහ ගැන්වීමට ජෝ ට අවශ්‍ය නොවිණි. කොළඹ සන්නියේ දී ඔහු කරන රංගනය බරපතල ය. බරපතලයි කියා අනවශ්‍ය ලෙස වැඩිපුර රඟපාන්න යන්නේද නැත. තැනට උචිත ලෙස සුළු අත පය සෙලවීමක් පමණක් කරයි. එහි ඇති තාත්වික ගතිය, අව්‍යාජ ගතිය නිසාම ප්‍රේක්ෂකයා හක්ක පනින තෙක් සිනහ වෙයි. ඔහුගේ විකට රංගනයේ රහස එයයි.

තුන්මංහංදිය (1970)

"තුන්මංහංදිය (1970)" හි අබිලිං චරිතය ඉතා විශිෂ්ට අන්දමින් කළ හැකි වන්නේ ජෝ උපතින්ම සුන්දර ගැමියෙකු වීම නිසා ය.

වැලිකතර (1971)

ඉන්පසුව "වැලිකතර (1971)" චිත්‍රපටයේ ගෝරිං මුදලාලිගේ චරිතය තුලින් ඔහු ප්‍රේක්ෂකයාගේ සිත් තුලට කිඳා බසින්නේ තමාගේ රංගනය අසමසම බව ඔප්පු කරමිනි. එදා සිනමාවේ වීරයා ලාංජනය ගසා ගත්තවුනට ඉඩ දී ගෝරිං මුදලාලිට අවසන් සටනේදී බයගුල්ලෙකු ලෙස පලා යාමට සිදුවන්නේ චිත්‍රපටයේ පිටපතෙහි මුලින් තිබු අවසානය පසුව යම් හේතුවක් නිසා වෙනස් කිරීම නිසා බව ජෝ ප්‍රකාශ කර ඇත.

පුරහද කළුවර (2001)

ජෝ අබේවික්‍රමයන්ගේ චිත්‍රපට අතර "බඹරු ඇවිත්" , "සොල්දාදු උන්නැහේ" , "අල්ලපු ගෙදර" , "බැද්දේගම" , "සිරිබෝ අයියා" , "රන්මුතු දූව" , "පුරහද කළුවර" ප්‍රධාන ස්ථානයක් ගනී.

අල්ලපු ගෙදර (1965)


අස්වැසුම (2001)


චෙරියෝ කැප්ටන් (1995)


එක්ටැම්ගේ (1980)


නිළියකට පෙම් කළෙමි (1983)


සිරිබෝ අයියා (1980)


සොල්දාදු උන්නැහේ (1981)





Like the Post? Do share with your Friends.

8 comments:

  1. නියම පෝස්ට් එක කාලෙකින්...........

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ලියන්න වෙලාවක් සෙට් උනේ කාලෙකින්නේ..

      Delete
  2. I salute u 4 posting dis article nuun. The unbeatable man 4evr

    ReplyDelete
  3. Nice ... Even though he is not my favorite, now i like him (coz u like him)

    ReplyDelete

මංතලාවට අපි ඔබව සාදරයෙන් පිලිගන්නෙමු!
මංතලාව යනු මගේ ජීවිතයේ දී මා යාමට තෝරාගත් මාවතයි. එහිදී මට හමුවූ, මා දුටු හා සොයා ගත් වැදගත් යැයි හැගෙන සියලු දේ "මංතලාව" හරහා මෙසේ ඔබ සමග බෙදා ගන්නෙමි...
ලිපිය කියවා කැමති අදහසක් ලියලා යන්න...
ලොග් වෙවී ඉන්න කරදර නම් "Comment as: Anonymous" තෝරලත් කමෙන්ටුවක් දැම්ම හැකි කිසි කරදරයක් නැතිව... නැත්නම් Facebook භාවිතා කර කමෙන්ට් කරන්න පහත කොටසින්..

Facebook Comments