Showing posts with label actor. Show all posts
Showing posts with label actor. Show all posts

Sunday, March 30, 2014

ලාංකීය සිනමාවේ මහ අප්පච්චී - ජෝ අබේවික්‍රම | Joe Abeywickrama


ඔහු පනහ දශකයේ සිටි අනෙකුත් නළුවන් මෙන් සුකොමල තරුණයෙකු නොවිණි. පොත්තේ වර්ණය ද සුදු නොවිණි. එකල තරුණියන්ගේ සිතේ දඟකාරකම් කළ සිහින කුමරුවෙකු වූවා දැයි යන්නද සැක සහිතය. නමුත් ඔහු නියම ගැමි සිංහලයෙකු යැයි කිව හැකි රුවකට හිමිකම් කීවෙකු මෙන්ම තමන්ටම අවේණික වූ රංගන විලාසයක් තනා ගත් අයෙකු විය (එකල සිටි සියලුම ප්‍රේමනීය හෝ විකට නළුවන් පාහේ කලේ ඉන්දියානු නළුවන් අනුකරණය කිරීම මිස, තමාට අවේණික රංග විලාසයක් පෙන්නුම් කිරීම නොවිණි). ඔහු මා විශ්වාස කරන පරිදි එදා මෙදා තුර ලංකාවේ පහල වූ විශිෂ්ටතම රංගධරයා වන අතර, නමින් ජෝන් අබේවික්‍රම නැතහොත් අප සියල්ලන්ම ආදරය කරන ජෝ අබේවික්‍රමයන් ය.



Facebook Comments