Saturday, April 12, 2014

වංග කතාවකට එදිරිව සූෆි කතාවක් | Wanga story vs. Sufi story


හොඳයි මෙම බ්ලොග් ලිපිය මා කියවූ කතා දෙකක මා දුටු සම්බන්ධයක් නැතහොත්, එක් කතාවක ලේඛකයාට පැන නැගුනු ප්‍රශ්නයකට තවත් කතාවක් පිළිතුරක් වී ඇති බව පෙන්වීමට මා දරන ලද සුළු උත්සාහයකි.

අරණකට පෙම් බැඳි සත්‍යා ට එදා ඒ සිතට ආ ප්‍රශ්නයම කලෙක මගේ සිතෙත් හොල්මන් කළ සැටි මට මතකය. ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන ලද්දේ සූෆි කතාවකකුහුඹුවෙකි. මෙය මාගේ සිතට නැගුනු තවත් එක් මෝඩ අදහසක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇති නමුත්, කියවා විමසා බලන මෙන් ඉල්ලා සිටිමි.

විභුතිභුෂණ බන්දෙයාපධ්‍යය විසින් වංග බසින් රචිත, චින්තා ලක්ෂ්මී විසින් සිංහලට පරිවර්තනය කළ "අරණකට පෙම් බැඳ" නම් සුපිරි පොත මා අත පත් කළ මා මිත්‍ර කසුන් ට පළමුව පින් සිද්ද වේවා යැයි පතමි. පරිසරයේ සුන්දරත්වය අගයමින් ස්වාභාව ධර්ම රැජිනට පෙම් කරන සැටි කියාදෙන තවත් මෙවැනි පොතක් මිහිපිට ඇත්තා දැයි සැකයක් මතු වන තරමට අරණකට පෙම් බැඳි සත්‍යවරණ සමග ජිවත් වන කාලය අපූරුය.


නස්රුදින්ගේ කතා පිලිබඳ කුඩා කළ සිට දැඩි ඇල්මකින් පසු වූ මට නස්රුදීන්ගේ නෑයන් ලෙසින් හඳුන්වන සූෆි වරුන් පිළිබඳ ද අසන්නට ලැබිනි. නස්රුදින්ගේ හා සුෆිවරුන්ගේ කතා බොහෝසෙයින් සමාන හෙයින්, සූෆි වරුන් නස්රුදින්ගේ නෑයන් ලෙසින් හඳුන්වන්නට ඇත. එම කතා වල උපහාසය හාස්‍ය මුසු වූ දැනුමද ලබා දීමේ ගුණයක් දක්නට ලැබේ.


අරණකට පෙම් බැඳ කතාවේ එන කොටසක් හා සූෆි කතාවක කොටසක් මෙසේ උපුටා දක්වන්නෙමි.

අරණකට පෙම් බැඳ (පිටුව 95)
හැම ජාතියකම මිනිසුන් තුල ශිෂ්ටාචාරයේ බීජ තැන්පත් වී ඇත. කල් ගත වන විට ඔවුන් ශිෂ්ටාචාරයෙන් ඉදිරියට ගමන් කරන්නේ ඒ නිසාය. එසේ වුවත් සමහර ජාතීන් වසර දහස් ගණනක්ම එක තැන සිටින්නේ මන්ද? නොදියුණු තත්වයක සිටි ආර්යයෝ වසර පන්දහසක් පමණ කාලයක් තුල දී වේදය, උපනිෂද්, භගවත් ගීතා වැනි ග්‍රන්ථ ද පුරාණ කාව්‍ය ආදිය ද ලියුහ. ජෝතිෂ්‍ය විද්‍යාව, ජ්‍යාමිතිය, වෛද්‍ය විද්‍යාව ආදිය ගැන පොත් ලියුහ. දේශ දේශයන් ජය ගත්හ. සමහර අධිරාජ්‍ය බිඳ වැටෙන්නට ක්‍රියා කළහ. වීනස් ද බිලෝ ප්‍රතිමාව, පාර්තෙනන්, තාජ් මහල්, කොලොක්න් හි කැතිඩ්‍රල් ආදී කලා කෘති නිර්මාණය කළහ. දර්බාරි කානඩා ආදී සංගීත රාග ද ෆිෆ්ත් සිම්ෆනි (fifth symphony) ආදී සංගීත ඛණ්ඩ ද නිර්මාණය කළහ. අහස් යානය, නැව, දුම්රිය, ගුවන් විදුලිය, විදුලි බලය ආදී දේ සොයා ගත්හ. එසේ වුවද පැපුවා නිව්ගිනියවේද ඕස්ට්‍රේලියාවේ ද ආදී වාසීන් සහ භාරතයේ මුන්ඩා, කෝල, නාග, කුකි යනාදී නම් වලින් හැඳින්වෙන ගෝත්‍රිකයන් ද මේ වසර පන්දහස තිස්සේ සිටි තැන ම සිටින්නේ මන්ද?

 සූෆි කතාවක එන කුහුඹුවෙකු

එක් තැනැත්තෙකුට කුහුඹුවන් සමග කතා බහ කරන හැටි ඉගෙන ගන්නට තම ජිවිත කාලයම කැප කිරීමට සිදු විය. එය ඉගෙන ගත් ඔහු කුහුඹුවෙකු සමග කතා කීරීමට තීරණය කළේය. ඒ සඳහා ඔහු අහම්බෙන් මෙන් තෝරා ගත්තේ කුහුඹු ලෝකයේ ඉතාමත් බුද්ධිමත් එමෙන්ම ඉතාමත් පැරණි කුහුඹුවෙකි. කුහුඹුවාව අවුස්සන අටියෙන් ඔහු මෙසේ ඇසීය.
"අපේ ජාතිය මනින්නට බැරි තරමට ඔබේ ජාතියට වඩා උසස්. අපි ඔබලා ගැනත් හදාරනවා. දැන් ඔබේ බසත් අපිට පුළුවන්. එත් තවමත් අපි ගැන හදාරන්න ඔබේ ජාතිය පටන් අරගෙනවත් නැහැ. "
ඊට පිළිතුරු වශයෙන් කුහුඹුවා මෙසේ කියයි.
"අනේ අහිංසක මනුස්සයෝ, ඔබ දන්නේ ඊයේ ගැන විතරයි. ඒ නිසාම ඔබට තේරුම් ගන්න පුළුවන් අද ගැන විතරයි. ඒ වගේම ඔබට සුදානම් වෙන්න පුළුවන් හෙටට විතරයි."
එය තේරුම් ගැනීමට නොහැකි වූ ඔහු එය තවත් පැහැදිලි කරන ලෙස කුහුඹුවාගෙන් ඉල්ලා සිටියේය.
"අවුරුදු දශ ලක්ෂ ගානකට ඉස්සර, කුහුඹු අපි සොයා ගත්තා මේ මිහිපිට මත සිදු වීමට යන දෙය. අපි දැන ගත්තා මනුස්සයන් වන ඔබලා මිහිමත පහල වී සියල්ල විනාශ කර දමන බව. ඉතාමත් බුද්ධිමත් ජාතියක් වන කුහුඹු අපි ඒ සඳහා කළ හැකි හොඳම පිළියම යෙදුවා. අප සතුව ඇති සියලු දත්ත විනාශ කර දැමුවා. තේරුම් ගැනීමට හැකියාව ඇති කුහුඹුවන් බිහි කිරීම නතර කලා. සංවිධානය වී ජිවත් වීමට අපේ අයව හුරු කලා. ඒවා කලේ අපේ පරපුර ඔබෙන් ආරක්ෂා කර ගැනීමටයි."
"දැනුත් මේ ක්‍රමයේ කිසි තේරුමක් නැති බවත් මෙය වෙනස් කළ යුතුයි සිතන කුහුඹුවෙකු දෙදෙනෙකු ඉඳහිට බිහි වෙනවා. නමුත් ඒ ගැන නොසිතන අහිංසක කුහුඹුවන් ලක්ෂ කෝටි ගණනක් ඉතා සතුටින් ජිවත් වෙනවා." 
"ඒ තමා කුහුඹු අපේ විසඳුම. අනිත් අතට මිනිසුන් වූ නුඹලාට මොකක්ද වෙන්න යන්නේ කියලවත් සිතා ගන්න පුළුවන්කමක් නැහැ. නුඹලාට අනාගතයේ වෙන්න යන දේ ගැන සිතාගන්නවත් නුඹලාට බැහැ. එම නිසා ඊට පිළියම් වශයෙන් මුකුත් කරන්නට හැකියාවකුත් නුඹලාට නැහැ."
නිමි.


සත්‍යා ට සිතට නැගුනු ප්‍රශ්නයට කුහුඹුවා දුන් පිළිතුර අපුරුවට ගැලපෙනවා යැයි මගේ සිත කියයි. ඔබට සිතෙන්නේ කුමක් ද? ඔබේ අදහස පහතින් ලියා දක්වන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමි. ස්තූතියි!



Like the Post? Do share with your Friends.

8 comments:

  1. U ve found the similarity . Excellent again. It is normally hard to find these type of similarities among several stories.

    ReplyDelete
  2. But the sad thing is u ve totally forgotten the person who force to read this.

    ReplyDelete
    Replies
    1. thanks meya.. kohoma hari pattama potha!!! ;)

      Delete
    2. Ayeth katawath poth gana kiyanne ne..

      Delete
  3. Awesome story. Ant is correct. Thanks for sharing

    ReplyDelete
  4. වෙනද වගේම හොද පෝස්ට් එකක්....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. දිගටම රැඳී ඉන්න

      Delete

මංතලාවට අපි ඔබව සාදරයෙන් පිලිගන්නෙමු!
මංතලාව යනු මගේ ජීවිතයේ දී මා යාමට තෝරාගත් මාවතයි. එහිදී මට හමුවූ, මා දුටු හා සොයා ගත් වැදගත් යැයි හැගෙන සියලු දේ "මංතලාව" හරහා මෙසේ ඔබ සමග බෙදා ගන්නෙමි...
ලිපිය කියවා කැමති අදහසක් ලියලා යන්න...
ලොග් වෙවී ඉන්න කරදර නම් "Comment as: Anonymous" තෝරලත් කමෙන්ටුවක් දැම්ම හැකි කිසි කරදරයක් නැතිව... නැත්නම් Facebook භාවිතා කර කමෙන්ට් කරන්න පහත කොටසින්..

Facebook Comments