Showing posts with label history. Show all posts
Showing posts with label history. Show all posts

Friday, April 11, 2014

මඟුල් කරඳ සහ අහිකුන්ඨිකයෝ | Magul Karanda & Sri Lankan Gypsy People (Ahikuntaka)


කොළඹ කොටුව නව පෞද්ගලික බස් රථ නැවතුම්පල පසෙකින් එක පෙලට සිටුවා තිබු ආයුර්වේදීය වටිනාකමක් ඇති, නගරයක සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන අගනා දේශීය ශාක කිහිපයක් අහම්බෙන් මෙන් අපගේ නෙත ගැටුණි. ඒ අතර තිබු පසු කලක මඟුල් කරඳ ලෙස ජනයා හඳුන්වන කරඳ ගසක් මෙසේ මෙම ලිපියට හේතු කාරණා විය...



Tuesday, October 15, 2013

බුලත් ගැන සියල්ල | All about the Betel

කාලෙකින් මංතලාවට අලුත් ලිපියක් එක් කිරීමට නොහැකි වූයේ වැඩ අධික වීම නිසාවෙනි. පසුගිය දිනයකදී එනම් ඔක්තෝබර් 6 වැනි දිනට ලෝක ගුරු දිනය යෙදී තිබිනි. දිවයිනේ සියලු පාසල් වල පාහේ ගුරුවරුන්ට උපහාර දැක්වීමට උත්සව සූදානම් කර තිබිනි. අප පාසලේද(මංතලාව ලියන මම ගණිත ගුරුවරයෙක්මි) ඉතා අනර්ග ගුරු උපහාර උළෙලක් දරුවන් විසින් සංවිධානය කොට තිබිනි. උදෑසනම සියලුම දරුවන් පාහේ ගුරුවරුන් හට බුලත් අතක් දී වැඳ ගෞරව දක්වන ලදී. ඉතින් දරුවන් අත තිබූ බුලත් අත් දුටු මා, මෙතෙක් මංතලාවේ බුලත් නොතිබූ අඩුව මෙසේ පුරවමි.

පිළිගන්වන විට බුලත් අත, කටේදී බුලත් විට, ඉනේදී බුලත් පයිය, ගෙදරදී බුලත් හෙප්පුව, මඟුලකදී බුලත් තට්ටුව, අවමඟුලකදී ඉලත්තට්ටුව, ගමනක් යන විට බුලත් මඩිස්සලය, ආගමික කටයුතු වලදී දැහැත් වට්ටිය, දේවාලයේදී දළු මුර, කුඹුරේදී බුලත් පෙට්ටිය, කාන්තාවන් ලඟදී බුලත් හැඹිලිය ආදී වශයෙන් බුලත විවිධාකාරයෙන් ජන ජීවිතය හා බැඳී පවතී.



Friday, October 4, 2013

ග්‍රිගොරි රස්පියුටින් හෙවත් පිස්සු පූජකයා(1 කොටස) | Grigori Rasputin - The Mad Monk (part 1)

මෙය කලකට ඉහත රුසියාවේ සිදු වූ සත්‍ය සිදුවීමකි.


ඔහු හැඩි දැඩි ශක්තිවන්ත පුද්ගලයෙකි. දීප්තිමත් තියුණු ඇස් යුගලක් ඇත්තෙකි. ඔහුගේ බැල්ම මායාකාරී ගුප්ත බවකින් යුක්ත විය. එකල රුසියානු රාජකීය පවුලට උපදේශකයෙකු, අනාවැකි පැවසූවෙකු මෙන්ම අධ්‍යාත්මක බලයෙන් ලෙඩ සුව කරන්නෙකු ලෙස සේවය කර ඇත. කාන්තාවන් අතර ආදරය හා ගෞරවයට පාත්‍ර වූවෙකි. පසු කලකදී මුලු ලෝකයේම ප්‍රසිද්ධියට පත් වන ඔහු උපත ලබන්නේ 1869 ජනවාරි 21 දින රුසියාවේ පිහිටි කුඩා ගමකය. මේ පිස්සු පූජකයා(The Mad Monk) හෙවත් රස්පියුටින්(Rasputin) ගේ කතාවයි.



Sunday, September 29, 2013

ශ්‍රී ලංකාවේ මකරා | Sri Lankan Dragon


මකරා නම් සත්වයෙක් ලෝකයේ විවිධ රටවල විවිධ ආකාර හා ස්වරූප වලින් ජීවත් වී ඇත. හොඳයි මෙහෙම කියන්නම්කෝ, මකරා නම් මනඃකල්පිත සත්වයෙකු අතීතයේ විසූ සිත්තරුන්, කතා කරුවන්, මූර්ති හා කැටයම් ශිල්පීන් අතින් ඉතාමත් අනර්ග නිර්මාණයක් ලෙස ලොවට බිහි වුනි.

මාගේ "නොම්බර 9" ලිපියේ මකරා ගැන කුඩා සඳහනක් කලා ඔබට මතක ඇති. "නොම්බර 9" ඔබට මග ඇරුනා නම් මේ ලින්ක් එකට ගොස් කියවන්න. http://manthalawa.blogspot.com/2013/09/9-amazing-number-9.html

මම දන්නා මකරුන් දෙදෙනෙකු සිටියි. එකකු නම් හන්දියක් හන්දියක් පාසා හතු පිපෙන්නා සේ බිහිවන චයිනීස් ඩ්‍රැගන් නම් ආපනශාලා මකරාය. අනෙකා නම්, කුඩා කල මගේ සිතේ කුතුහලය හා ආශ්චර්යය මැවීමට සමත් වූ පන්සලේ මකර තොරණේ සිටි ඒ පුදුමාකාර සත්වයාය. මේ සටහන චයිනීස් ඩ්‍රැගන් ගැන නොව, ලන්කන් ඩ්‍රැගන් ගැනය.



Saturday, September 28, 2013

පුදුමාකාර නොම්බර 9 | The amazing number 9

මේ මාගේ නම වැනි බ්ලොග් ලිපියයි. ඉතින් පුදුමාකාර නවය(number 9) පිළිබඳ කරුණු කිහිපයක් මෙසේ ඔබ හා බෙදා ගැනීමට සිත් විය.
නවය(9) යන ඉලක්කම කෙරෙහි අපට ඇත්තේ බියකි. එය අවාසනාවේ සංඛේතයක් ලෙස අප රටෙහි බොහෝ දෙනා අතර මුල් බැස ගත් මතයයි. කෙසේ නමුත් නවය සම්බන්ධව කරුණු සොයා යාමෙදී මට හමුවු කරුණු කිහිපයක් මෙසේ ය.



Saturday, September 7, 2013

බිංදුවෙහි මූලාරම්භය | The Origin of Zero

මොකක්ද මේ බිංදුව කියන්නෙ? එය ගැන කතා කිරීමට තරම් වටිනවාද? අපගේ මාසික වැටුපෙන් අගට ඇති එක බිංදුවක් ගැලවී නිවසේ විදුලි බිලෙහි අගට එකතු වූවා යැයි සිතන්න. අති භයංකාරයි නේද? ගණිතයෙහි මහත් විප්ලවයක් කල බිංදුව ගැන කෙටි සටහනක් මෙසේ තබමි.



Wednesday, September 4, 2013

විශේෂ මිනිසෙකුට විශේෂ කාඩ් කුට්ටමක්


මැජික්කරුවන් හා සූදුකරුවන් අතර ඉතා ජනප්‍රිය පොතක් ලෙස S.W. Erdnase  විසින් රචිත  The Expert at the Card Table: The Classic Treatise on Card Manipulation යන පොත හදුන්වයි. කාඩ් කුට්ටම හැසුරුවීම පිලිබද ඔබ දැනගත යුතු සියලු දේ මෙන්ම කාඩ් කුට්ටම භාවිතයෙන් කල හැකි වංචා හා කාඩ් උපක්‍රම/මැජික් පිලිබදව පවා මෙහි විස්තර වේ. 1901 දී ලියවී ඇති මෙය මෙම විෂය සම්බන්දව මෙතෙක් සවිස්තරව ලියවී ඇති මුල්ම හා හොදම පොත ලෙස සැලකේ.
කෙසේ වෙතත් S.W. Erdnase මහතාව හමුවීමට හෝ ලිපියක් ලියා ස්තූති කිරීමට පවා කිසිවෙකුටත් නොහැකි විය. හේතුව නම්



Facebook Comments