Showing posts with label entertainer. Show all posts
Showing posts with label entertainer. Show all posts

Saturday, May 9, 2015

Optical Illusions by Jerry Andrus (VIDEO)

Jerry Andrus ප්‍රසිද්ද මැජික් ශිල්පියෙකුද වන අතර, ඔහු විසින් නිර්මාණය කරන ලද දෘශ්‍ය මායා කිහිපයක් වීඩියෝවක් හරහා මෙසේ ඔබ සමග බෙදා ගන්නෙමි...





Wednesday, January 28, 2015

විස්මිත කඩු ගිලින්නා(වීඩියෝව සහිතයි) | Amazing Sword Swallower


මේ කතාවට මුල පිරුණේ මෙසේය...

දිනක් නිවාඩු පාඩුවේ දුම්රියේ ගමන් කරමින් සිටියදී වීදි කුල්මත් කරන්නෙක් මා ගමන් ගත් දුම්රිය පෙට්ටියට නැංගේය.



Sunday, April 13, 2014

හැරී හුදීනි ගේ මායාකාරී මුහුණ | Harry Houdini's Deceptive Face

හොඳයි මෙයත් තවත් එක් දෘශ්‍ය මායාවක් වන අතර බහුරුත් චිත්‍ර වර්ගයට අයත් වේ.

ඉතින් මොහු බලන්නේ ඔබ දෙස ද? ඔබේ දකුණු පස ද?






Sunday, March 30, 2014

ලාංකීය සිනමාවේ මහ අප්පච්චී - ජෝ අබේවික්‍රම | Joe Abeywickrama


ඔහු පනහ දශකයේ සිටි අනෙකුත් නළුවන් මෙන් සුකොමල තරුණයෙකු නොවිණි. පොත්තේ වර්ණය ද සුදු නොවිණි. එකල තරුණියන්ගේ සිතේ දඟකාරකම් කළ සිහින කුමරුවෙකු වූවා දැයි යන්නද සැක සහිතය. නමුත් ඔහු නියම ගැමි සිංහලයෙකු යැයි කිව හැකි රුවකට හිමිකම් කීවෙකු මෙන්ම තමන්ටම අවේණික වූ රංගන විලාසයක් තනා ගත් අයෙකු විය (එකල සිටි සියලුම ප්‍රේමනීය හෝ විකට නළුවන් පාහේ කලේ ඉන්දියානු නළුවන් අනුකරණය කිරීම මිස, තමාට අවේණික රංග විලාසයක් පෙන්නුම් කිරීම නොවිණි). ඔහු මා විශ්වාස කරන පරිදි එදා මෙදා තුර ලංකාවේ පහල වූ විශිෂ්ටතම රංගධරයා වන අතර, නමින් ජෝන් අබේවික්‍රම නැතහොත් අප සියල්ලන්ම ආදරය කරන ජෝ අබේවික්‍රමයන් ය.



Saturday, November 2, 2013

ක්ෂණිකව වෙනස් වීමේ රංගනය | Quick change act


මැජික් ශිල්පය Stage magic, Parlor magic, Street magic, Close-up magic, Children's magic, Escapology, Pickpocket, Mentalism,... ලෙස කොටස් වලට බෙදා ගෙන ගියහොත්; වේදිකාවේ කරන රංගන(Stage magic) නම් කාණ්ඩයට අයත් ඉතාමත් මනබඳිනා රංගනයක් ලෙස ක්ෂණිකව වෙනස් වීමේ රංගනය(Quick change act) හැඳින්විය හැක.
මා දුටු හා මා සිත් ගත් හොඳම වීඩියෝ තුනක් මෙසේ පෙළගස්වමි. මේ රංගනයන් මගේ සිතේ ආශ්චර්ය ඇති කලා සේ ඔබට ද නැවුම් අත්දැකීමක් ගෙන එනු ඇතැයි විශ්වාස කරමි.



Saturday, September 21, 2013

වීදි කුල්මත් කරන්නන් | Street performers

පාරක, කෝච්චියක හෝ බස් රථයක තම හැකියාව පෙන්වා කාසි කිහිපයක් එකතු කරගෙන පවුලක් පවා නඩත්තු කරමින් ජීවිතය ගැට ගසා ගන්නා ඒ සුන්දර මිනිසුන් කෙරෙහි කුඩාවියේ සිටම මට ඇත්තේ අසීමිත සෙනහසක් හා ගෞරවයකි. වීදි කුල්මත් කරන්නන්(street performers) ලෙස හදුන්වන ඔවුන් මම පාරකදී හෝ බසයක දුටුවිට නැවතී ඒව රසවිද මා අත තිබෙන රුපියල් කීයක් හෝ ඔවුන් අත තබා මගේ සෙනෙහස පෑමට අමතක නොකරමි.
ඔවුන් සින්දුවක් කියනවා විය හැක, බටනලා වාදනයක් කරනවා විය හැක, මැජික් එකක් පෙන්නනවා විය හැක, කඩදාසි මෝස්තරයක් කර පෙන්නනවා විය හැක, රබන් පදයකට කවියක් කියනවා විය හැක, කොටින්ම ඔවුන් දන්නා ඕනෑම මගුලක් කර පෙන්වනවා විය හැක; මට එය ප්‍රශ්නයක් නොවේ.  ඔවුන්ගේ ඉදිරිපත් කිරීම හොඳද නරකද යන්නත් මට ප්‍රශ්නයක් නොවේ. ඔවුන් තම හැකියාවෙන් ප්‍රයෝජනයක් ගෙන ජිවිතය ජය ගැනීමට දරන ප්‍රයත්නය අගය කරමි.



Facebook Comments