මකරා නම් සත්වයෙක් ලෝකයේ විවිධ රටවල විවිධ ආකාර හා ස්වරූප වලින් ජීවත් වී ඇත. හොඳයි මෙහෙම කියන්නම්කෝ,
මකරා නම් මනඃකල්පිත සත්වයෙකු අතීතයේ විසූ සිත්තරුන්, කතා කරුවන්, මූර්ති හා කැටයම් ශිල්පීන් අතින් ඉතාමත් අනර්ග නිර්මාණයක් ලෙස ලොවට බිහි වුනි.
මාගේ "
නොම්බර 9" ලිපියේ මකරා ගැන කුඩා සඳහනක් කලා ඔබට මතක ඇති. "නොම්බර 9" ඔබට මග ඇරුනා නම් මේ ලින්ක් එකට ගොස් කියවන්න.
http://manthalawa.blogspot.com/2013/09/9-amazing-number-9.html
මම දන්නා මකරුන් දෙදෙනෙකු සිටියි. එකකු නම් හන්දියක් හන්දියක් පාසා හතු පිපෙන්නා සේ බිහිවන
චයිනීස් ඩ්‍රැගන් නම් ආපනශාලා මකරාය. අනෙකා නම්, කුඩා කල මගේ සිතේ කුතුහලය හා ආශ්චර්යය මැවීමට සමත් වූ පන්සලේ
මකර තොරණේ සිටි ඒ පුදුමාකාර සත්වයාය. මේ සටහන චයිනීස් ඩ්‍රැගන් ගැන නොව, ලන්කන් ඩ්‍රැගන් ගැනය.