Thursday, April 3, 2014

අතේ සිදුරක් | Hole in the Hand (optical illusion you can do at home!)


මෙය ඔබට නිවසේදී අත්හදා බැලිය හැකි ඉතා අගනා දෘශ්‍ය මායාවකි. කාඩ්බෝඩ් බටයක් ගෙන හෝ කඩදාසියක් ඉහත ආකාරයට රෝල් කර ඉක්මනින් සුදානම් වන්න...


  • දැන් පළමුව, රෝල් කරගත් කඩදාසිය එක් ඇසක් ඉදිරියෙන් තබා අඩි 10ක් 15ක් දුර ඇති වස්තුවක් දෙස ඇස් දෙකම යොමවා බලන්න. (ළඟ ඇති වස්තුවක් දෙස බැලීම සාර්ථක නැත.)
  • දෙවනුව, අනෙක් නිදහස් අත ඉහත පරිදි බටය අසලට ගෙන එන්න. (දැන් පිහිටීම ඉහත රූපය පරිදි වේ.)
  • දුටුවා ද? පුදුමයි නේද? ඔබ එම වස්තුව දෙස අතේ සිදුර තුලින් බලනවා සේ පෙනෙයි.


සරල පැහැදිලි කිරීමක් :-

යම් වස්තුවක් දෙස බැලීමේදී අපගේ ඇස් දෙකෙන්ම දකින්නේ බොහෝ දුරට එක සමාන රූපයකි (ඇත්තේ ඉතාම කුඩා වෙනසක් පමණි). කෙසේ නමුත් එම කුඩා වෙනස භාවිතා කර මොළය විසින් එම වස්තුවට ඇති දුර/ගැඹුර තීරණය කරයි.
එනම් ඇස් දෙකෙන් දකින රූප දෙක එකතු කර ත්‍රිමාණ ආකාරයක් ගෙන දෙයි.

අපි මෙම බටය තුලින් හාවෙකු බලනවා යැයි සිතමු.

එක ඇසකින් පෙනෙන්නේ මෙපමණය.


අනෙක් ඇසින් පෙනෙන්නේ මෙපමණය.


අප මොළය විසින් මෙම රූප 2 එකතු කොට පහත පරිදි මායාවක් නිර්මාණය කරයි. 
(බටයේ අඳුරු කොටස/කළු කොටස නොසලකා හරිනු ලබයි.)




Like the Post? Do share with your Friends.

2 comments:

  1. Replies
    1. laga thiyena deyak diha balanne nethuwa tikak dura thiyena deyak diha balala try karanna..

      Delete

මංතලාවට අපි ඔබව සාදරයෙන් පිලිගන්නෙමු!
මංතලාව යනු මගේ ජීවිතයේ දී මා යාමට තෝරාගත් මාවතයි. එහිදී මට හමුවූ, මා දුටු හා සොයා ගත් වැදගත් යැයි හැගෙන සියලු දේ "මංතලාව" හරහා මෙසේ ඔබ සමග බෙදා ගන්නෙමි...
ලිපිය කියවා කැමති අදහසක් ලියලා යන්න...
ලොග් වෙවී ඉන්න කරදර නම් "Comment as: Anonymous" තෝරලත් කමෙන්ටුවක් දැම්ම හැකි කිසි කරදරයක් නැතිව... නැත්නම් Facebook භාවිතා කර කමෙන්ට් කරන්න පහත කොටසින්..

Facebook Comments