Saturday, September 28, 2013

පුදුමාකාර නොම්බර 9 | The amazing number 9

මේ මාගේ නම වැනි බ්ලොග් ලිපියයි. ඉතින් පුදුමාකාර නවය(number 9) පිළිබඳ කරුණු කිහිපයක් මෙසේ ඔබ හා බෙදා ගැනීමට සිත් විය.
නවය(9) යන ඉලක්කම කෙරෙහි අපට ඇත්තේ බියකි. එය අවාසනාවේ සංඛේතයක් ලෙස අප රටෙහි බොහෝ දෙනා අතර මුල් බැස ගත් මතයයි. කෙසේ නමුත් නවය සම්බන්ධව කරුණු සොයා යාමෙදී මට හමුවු කරුණු කිහිපයක් මෙසේ ය.


1) විවිධ රටවල සංස්කෘතීන් 9 පිළිබඳ දක්වන මතයන්

ලංකාව,ජපානය - නවය අවාසනාවන්තයි හා නපුරුයි.
චීනය - නවය වාසනාව ගෙන දෙයි
ප්‍රංශය,ජර්මනිය - නමය උදාවුනා යනු ඉන්පසුව තමුන් අලුත් හොඳ ආරම්භයක් ලබන බව ද විශ්වාස කරයි.

2) අප එදිනෙදා භාවිතා කරන 10 පාදයේ ඉලක්කම් වල අවසාන හා විශාලම ඉලක්කම 9 වේ.


3) දරුවෙකු බිහි කිරීමට මවක් 9 මාසයක් දරුවා තම කුස තුල තබාගෙන පෝෂණය කරයි.


4) සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් 9ක් සිටි බවට සැලකේ.


5) අතේ ඇඟිලි වලින් නව වරක් චක්කරය(9හි ගුණිතයන්) ලෙහෙසියෙන් සාදාගත හැකි වීම.


    නිදසුනක් ලෙස,
    9 X 4 සොයමු.

6) චීනයේ මනංකල්පිත සත්වයෙකු වන මකරා, සතුන් නව(9) දෙනෙකු එකතු වී සෑදී ඇතැයි ඔවුන් විශ්වාස කරයි. එම මකරාට පැටවුන් නවයක්(9) ද ඇත. තවද 9 යනු බලයේ හා මායාවේ සංකේතයක් ලෙස ඔවුන් අතර විශ්වාසයක් පවතී.


(ලංකාවේ මකර තොරණ් වල සිටිනා මකරා හා, චීනයේ මකරා දෙදෙනෙකි. ලංකාවේ මකරා සතුන් 6 කින් සෑදී ඇත.)
ප.ලි:- ලංකාවේ මකරා ගැන දැන ගැනීමට පහත ලිපිය කියවන්න. http://manthalawa.blogspot.com/2013/09/sri-lankan-dragon.html

7) 9 හි ගණිතමය රටා:


8) පූසෙකුට ජීවිත නවයක් ඇතැයි පැවසේ.

(ප.ලි:- හොඳයි හොඳයි... බොහෝ දෙනා පූසෙකුට ජීවිත 9ක් නොව 7ක් ඇති බව කී නිසා මෙය පොඩ්ඩක් මෙසේ සංස්කරණය කරමි. අපි ලංකාවෙදි හා තවත් ආසියාතික රටවල් පූසෙක්ට ජීවිත 7ක් තියෙනව කියල කියන්නේ.. නමුත් අපරදිග බොහෝ රටවල් පූසෙක්ට ජීවිත 9ක් ඇති බව කියයි. ඉතින් කියන්න තියෙන්නේ පූසන්ට පෙරදිගට වඩා අපරදිග ජීවත් වීමට සුදුසු බව තමයි...)

9) වැදගත්ම කාරණය නම් මගේ උපන්දිනයත් යෙදී ඇත්තේ නව වැනි(9) මාසයේ දහ අට වැනිදා ය (18;  1+8=9) .... :D




Like the Post? Do share with your Friends.

6 comments:

  1. GOOD WORK again....... Most important fact is 9th one.. :) :).. My lucky no also 9. (But I don t like it)

    ReplyDelete
  2. Elas... 100 marks for the 3rd one.... the no.18 is really close to me also. (18th of March,may, sept, oct, nov, dec ) 9 napurui thama. 2009 is the wrst year in my life.

    ReplyDelete

මංතලාවට අපි ඔබව සාදරයෙන් පිලිගන්නෙමු!
මංතලාව යනු මගේ ජීවිතයේ දී මා යාමට තෝරාගත් මාවතයි. එහිදී මට හමුවූ, මා දුටු හා සොයා ගත් වැදගත් යැයි හැගෙන සියලු දේ "මංතලාව" හරහා මෙසේ ඔබ සමග බෙදා ගන්නෙමි...
ලිපිය කියවා කැමති අදහසක් ලියලා යන්න...
ලොග් වෙවී ඉන්න කරදර නම් "Comment as: Anonymous" තෝරලත් කමෙන්ටුවක් දැම්ම හැකි කිසි කරදරයක් නැතිව... නැත්නම් Facebook භාවිතා කර කමෙන්ට් කරන්න පහත කොටසින්..

Facebook Comments