Sunday, September 29, 2013

ශ්‍රී ලංකාවේ මකරා | Sri Lankan Dragon


මකරා නම් සත්වයෙක් ලෝකයේ විවිධ රටවල විවිධ ආකාර හා ස්වරූප වලින් ජීවත් වී ඇත. හොඳයි මෙහෙම කියන්නම්කෝ, මකරා නම් මනඃකල්පිත සත්වයෙකු අතීතයේ විසූ සිත්තරුන්, කතා කරුවන්, මූර්ති හා කැටයම් ශිල්පීන් අතින් ඉතාමත් අනර්ග නිර්මාණයක් ලෙස ලොවට බිහි වුනි.

මාගේ "නොම්බර 9" ලිපියේ මකරා ගැන කුඩා සඳහනක් කලා ඔබට මතක ඇති. "නොම්බර 9" ඔබට මග ඇරුනා නම් මේ ලින්ක් එකට ගොස් කියවන්න. http://manthalawa.blogspot.com/2013/09/9-amazing-number-9.html

මම දන්නා මකරුන් දෙදෙනෙකු සිටියි. එකකු නම් හන්දියක් හන්දියක් පාසා හතු පිපෙන්නා සේ බිහිවන චයිනීස් ඩ්‍රැගන් නම් ආපනශාලා මකරාය. අනෙකා නම්, කුඩා කල මගේ සිතේ කුතුහලය හා ආශ්චර්යය මැවීමට සමත් වූ පන්සලේ මකර තොරණේ සිටි ඒ පුදුමාකාර සත්වයාය. මේ සටහන චයිනීස් ඩ්‍රැගන් ගැන නොව, ලන්කන් ඩ්‍රැගන් ගැනය.

මාගේ "නොම්බර 9" ලිපියේ සඳහන් කලා සේ චීනයේ විසූ මකරා සතුන් 9 දෙනෙකු ගේ ලක්ෂණ එකතු වී බිහි වූවත්, ලංකාවේ විසූ මකරා සතුන් 6 දෙනෙකුගේ ලක්ෂණ සහිතව නිර්මාණය විනි. ඒ සතුන් 6 දෙනා කුඩා කල මම විභාග වලදී මතකයට නගා ගත්තේ මේ කවියට පින්සිදු වන්නය. (බ්ලොගයේ ලිවීමට මේ කවිය නැවත මතක් කර දුන් අප විද්‍යාලයේ අසංක ගුරුතුමනි, ස්තූතියි)

මතක තබා ගැනීමේ කවිය

ගජේන්ද්‍ර හස්තං
ධෘත සිංහ පාදං
කරාල දන්තං
හනුම ද්වී නේත්‍රං
වරාහ කර්ණං
හර්දිං මත්ස්‍ය දේහං
විචිත්‍ර පත්‍රං
මකර ස්භාවං



තේරුම මෙසේය

ඇත් සොඬ
සිංහ පාද
කිඹුල් දත්
වඳුරු ඇස්
ඌරු කන්
ශරීරය මාලුවා හා
විචිත්‍ර පත්‍ර(කොළ ) වලින්
මකර ස්වභාවය නිර්මාණය වී ඇත.

මකරා සම්බන්ධ වු එක් ප්‍රධාන කලා නිර්මාණයක් නම් මකර තොරණයි. ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.




මාගේ ලිපිවල නිවැරදි වීමට යමක් ඇත්නම් හෝ තවත් මග ඇරුනු අත්‍යාවශය කරුණු තිබේනම් මා හට දන්වන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි. තවද මෙය කියවීමෙන් යම් ප්‍රයෝජනයක් වූවා නම් කමෙන්ටුවක් දමා පවසන මෙන් ද ඉල්ලා සිටිමි. ස්තූතියි!
නැවත තවත් ලිපියකින් හමුවෙමු.




Like the Post? Do share with your Friends.

6 comments:

  1. You ve shared what u ve HARDLY gathered through searching n reading. All these are new and interesting for me. Really really Appreciate dal.........

    ReplyDelete
    Replies
    1. මේ ගැන මීට කලින් මෙච්චර දේ දැනගෙන හිටියෙ නැහැ. ගොඩක් ස්තූති!

      Delete
    2. ඔබගේ දැනුමට අලුතෙන් යමක් එකතු වූවා නම් එය මට සතුටකි... දිගටම රැදී සිටින්න මංතලාව සමග..

      Delete
  2. මම මේ ලිපියෙන් කොටස් මගෙ ලිපියකටත් එකතු කලා ස්තූතියි සහෝ මේ ඒක -http://infoplusmagazine.com/dragons-all-you-want-to-know-about-them/

    ReplyDelete
  3. මකර තොරණේ කිසියම් දාර්ශනික ගැඹුරු තේරුමක් තිබිය යුතුය.

    ReplyDelete

මංතලාවට අපි ඔබව සාදරයෙන් පිලිගන්නෙමු!
මංතලාව යනු මගේ ජීවිතයේ දී මා යාමට තෝරාගත් මාවතයි. එහිදී මට හමුවූ, මා දුටු හා සොයා ගත් වැදගත් යැයි හැගෙන සියලු දේ "මංතලාව" හරහා මෙසේ ඔබ සමග බෙදා ගන්නෙමි...
ලිපිය කියවා කැමති අදහසක් ලියලා යන්න...
ලොග් වෙවී ඉන්න කරදර නම් "Comment as: Anonymous" තෝරලත් කමෙන්ටුවක් දැම්ම හැකි කිසි කරදරයක් නැතිව... නැත්නම් Facebook භාවිතා කර කමෙන්ට් කරන්න පහත කොටසින්..

Facebook Comments