Saturday, September 21, 2013

වීදි කුල්මත් කරන්නන් | Street performers

පාරක, කෝච්චියක හෝ බස් රථයක තම හැකියාව පෙන්වා කාසි කිහිපයක් එකතු කරගෙන පවුලක් පවා නඩත්තු කරමින් ජීවිතය ගැට ගසා ගන්නා ඒ සුන්දර මිනිසුන් කෙරෙහි කුඩාවියේ සිටම මට ඇත්තේ අසීමිත සෙනහසක් හා ගෞරවයකි. වීදි කුල්මත් කරන්නන්(street performers) ලෙස හදුන්වන ඔවුන් මම පාරකදී හෝ බසයක දුටුවිට නැවතී ඒව රසවිද මා අත තිබෙන රුපියල් කීයක් හෝ ඔවුන් අත තබා මගේ සෙනෙහස පෑමට අමතක නොකරමි.
ඔවුන් සින්දුවක් කියනවා විය හැක, බටනලා වාදනයක් කරනවා විය හැක, මැජික් එකක් පෙන්නනවා විය හැක, කඩදාසි මෝස්තරයක් කර පෙන්නනවා විය හැක, රබන් පදයකට කවියක් කියනවා විය හැක, කොටින්ම ඔවුන් දන්නා ඕනෑම මගුලක් කර පෙන්වනවා විය හැක; මට එය ප්‍රශ්නයක් නොවේ.  ඔවුන්ගේ ඉදිරිපත් කිරීම හොඳද නරකද යන්නත් මට ප්‍රශ්නයක් නොවේ. ඔවුන් තම හැකියාවෙන් ප්‍රයෝජනයක් ගෙන ජිවිතය ජය ගැනීමට දරන ප්‍රයත්නය අගය කරමි.
වැදගත්ම කරුණ නම් ඔවුන් සැම කෙනෙක්ටම පාහේ මාව/මගේ සිත කුල්මත් කිරීමට, සතුටු කිරීමට ඇති හැකියාවයි. ඉතින් ලෝකයේ සිටින, නැහැ මුලු විශ්වයේම සියලු අස්සක් මුල්ලක් නෑර සිටින සියලු වීදි කුල්මත් කරන්නන්ට මම හදවතින්ම ආදරය කරමි.

මේ මෑත කාලයේදී මා රසවිඳි ඔවුන්ගේ යූටියුබ්(youtube) වීඩියෝ කිහිපයකි. ඔබත් රසවිඳිනු ඇතැයි සිතමි...

3. Amazing one-man band street performers







2. Cool bagpiper with fire




1. One and only Gazzo (best street magician in the world)







Like the Post? Do share with your Friends.

9 comments:

  1. Great article brother. Cool..........

    ReplyDelete
  2. Hmmm recalling the past... still remember that flute uncle..... one of my friends nevr let those kind of ppl to go with empty hands.... n still remembr the way his mood changes when he sees those ppl. One of the greatest I hv evr met. :-)

    ReplyDelete
    Replies
    1. Ah flute uncle from 119 bus right? Still remember his awesome melody and if my memory serves me correctly that was "madura yaame...". By the way if I am the friend that you mention in your comment, now I know who you are... (y)

      Delete
  3. :-) :-) :-) not only the frnd bt also the greatest that I hv mentioned. Ey kurulu game kurulu gedara.

    ReplyDelete
  4. Lassanai..... I love street performers too......

    ReplyDelete

මංතලාවට අපි ඔබව සාදරයෙන් පිලිගන්නෙමු!
මංතලාව යනු මගේ ජීවිතයේ දී මා යාමට තෝරාගත් මාවතයි. එහිදී මට හමුවූ, මා දුටු හා සොයා ගත් වැදගත් යැයි හැගෙන සියලු දේ "මංතලාව" හරහා මෙසේ ඔබ සමග බෙදා ගන්නෙමි...
ලිපිය කියවා කැමති අදහසක් ලියලා යන්න...
ලොග් වෙවී ඉන්න කරදර නම් "Comment as: Anonymous" තෝරලත් කමෙන්ටුවක් දැම්ම හැකි කිසි කරදරයක් නැතිව... නැත්නම් Facebook භාවිතා කර කමෙන්ට් කරන්න පහත කොටසින්..

Facebook Comments