Wednesday, October 2, 2013

ගැට කපන්නන්ගෙන් බේරී සිටීමට සරල ක්‍රමයක් | Simple way to prevent being pickpocketed


පාරක බසයක කෝච්චියක ගමනක් යන විට, කොයි මොහොතක හෝ තමා ගැට කපන්නන් නැතහොත් පික්පොකට් කරුවන්ගේ ගොදුරක් බවට පත් වේ යැයි බියෙන් හා සැකයෙන් මා මෙන්ම ඔබත් සිටිනවා විය හැක. තමා මහන්සියෙන් උපයා ගන්නා ධනය තමාටත් නොදැනීම පික්පොකට් කරුවෙකු අතට යාම කිසිසේත්ම නොවිය යුත්තකි. ඉතින් මේ සටහන තමාගේ මුදල් පසුම්බිය(wallet/purse) රැක ගැනීමට කල හැකි සරල දෑ කිහිපයක් පිලිබඳව ය.

පළමුව අප භාවිතා කරන ප්‍රධාන මුදල් පසුම්බි(wallet/purse) වර්ග 2ක් පිළිබඳව අවධානය යොමු කරමු.


Type 1 ලෙස කාටත් පුරුදු සාමන්‍යය ප්‍රමානයේ පසුම්බියත්, Type 2 ලෙස දැන් ලංකාවේ තරුණයන් අතර ජනප්‍රිය විලාසිතාවක් වූ උස හැඩති පසුම්බියත් ඉහත රූපයේ දැක්වේ.

පළමුව type 2 වෙත යමු.


උස හැඩති මුදල් පසුම්බියක් වන මෙය නිර්මාණය කර ඇත්තේ කලිසමෙහි පිටුපස සාක්කුවේ(back trouser pocket) දැමීමට නම් නොවන බව තරයේ සිතට ගත යුතුය! මෙම වර්ගය නිර්මාණය කර ඇත්තේ තම ජැකට්ටුවේ ඇතුලත සාක්කුවේ(inside jacket pocket) දමා ගැනීමටය. පහත රූපය බලන්න.


උස හැඩති මුදල් පසුම්බියක් කලිසමෙහි පිටුපස සාක්කුවෙ රුවා ගන්නවා යනු, ගැට කපන්නන්ට "මේ බලන්න මටත් ලොකු පර්ස් එකක් තියෙනව. ඇවිත් මගෙ පොකට් එකටත් විදල යන්න. ලේසි වෙන්න ඔන්න මම බාගයක්ම එලියෙ දාලත් තියෙන්න" කියනවා වැනි හැඟීමක් ඇති කරවන්නක් බව මාගේ අදහසයි.


එදිනෙදා ජිවිතයේදී කෝට්,ජැකට්(coat/jacket/blazer/tuxedo) නොපළඳින ශ්‍රී ලාංකික අපි මෙම උස් පසුම්බි වර්ගය භාවිතා කිරීම සුදුසු දැයි නැවතත් සිතා බැලිය යුතුය.
හොඳයි හොඳයි... මෙම උස් පර්ස් භාවිතා කරන උදවිය දැන් තර්ක කරයි, අපගේ මුදල් නෝට්ටු, බැංකු කාඩ් පත්, කාඩ්, විවිධ බලපත්‍ර පිරිසිදුව පිළිවෙලට පවත්වා ගැනීමට මෙය උපකාරී වෙනවා කියා. එය සත්‍යයකි! තවකෙකු තර්ක කරයි මෙය තමා දැන් අලුත් පරපුරේ විලාසිතාව කියා. අවුලක් නැහැ, එයත් සත්‍යයකි. හොඳයි එහෙනම් මෙම උපක්‍රම දෙක ඔබ සඳහාය.

1. මුදල් පසුම්බිය සඳහා ආරක්ෂිත දම්වැලක් භාවිතා කරන්න. 

ඒකෙත් අමුතුම ගතියක් තියෙනවා නේද? ;)

2. මුදල් පසුම්බිය ඉදිරිපස කලිසම් සාක්කුවෙ(front trouser pocket) දමා භාවිතා කරන්න.

මේ සඳහා විශේෂයෙන් නිර්මාණය වූ කවාකාර හැඩති මුදල් පසුම්බිද(front pocket wallet) අද වෙළඳ පොළෙහි දක්නට ලැබේ.

දෙවනුව type 1 වෙත යමු.


බහුතරයක් දෙනා භාවිතා කරන්නේ මෙම වර්ගයයි. සාමන්‍යයෙන් කලිසමේ පසුපස සාක්කුවේ දමන මෙය, ගැට කපන්නන්ගෙන් රැක ගැනීමට "හොරුන් ගේ කුමාරයා" ලෙස නම පටබැඳී ඇති බොබ් ආර්නෝ(Bob Arno) මහතා මෙසේ ප්‍රකාශ කර ඇත.

"කලිසමේ පසුපස සාක්කුව යනු පික්පොකට් කරුවන්ගේ වඩාත්ම අවධානය යොමුවන ස්ථානය හා ඉතාමත් ලෙහෙසියෙන් හොරකමේ යෙදිය හැකි ස්ථානයයි. පසුම්බිය සාමන්‍යය ලෙස කලිසම් සාක්කුවෙ දැමීමෙන් පසු, පර්ස් එකෙහි දිගටි පැත්ත පොළවට සමාන්තර වන සේ පර්ස් එක අංශක 90ක් හරවන්න."


එවිට ගැට කපන්නෙකුට අත ගැඹුරට දැමීමට සිදුවන නිසා හා, ගැනීමේදී සාක්කුවේ දෙපස පැටලෙන නිසා ලෙසෙසියෙන් ගැනීමට නොහැකි වේ. (බොබ් ආර්නෝ(Bob Arno) මහතා යනු කථා නොකරම බැරි ඉතාමත් සුන්දර මිනිසෙකු වන අතර ඔහු ගැන වෙනත් ලිපියකින් පවසන්නම්...)

කුඩා පෝස්ට් එකක් ලිවීමට සිතුවත් අවසානයේ නොසිතූ ලෙස ලිපියත් දික් විය. මෙතනින් ලිපිය අවසන් කිරීමට සිතුවත් කාන්තාවන් සඳහා සාධාරණයක් නොකලොත් එය අඩුවකි. ඒගොල්ලන්ව තරහ කර ගෙනත් බෑනේ... ඉතින් කාන්තාවනි මෙම කොටස ඔබ සඳහායි... :)

කාන්තාවන්ගේ අත් බෑගය(handbag)


අප කවුරුත් පාහේ දන්නා පරිදි සෑම කාන්තාවක්ම තමාගේ අත් බෑගය ඉතාමත් පිළිවෙලකට පවත්වා ගෙන යන බව ප්‍රසිද්ධ රහසකි. කෙතරම් පිළිවෙලද කියනවා නම්, තමාගේ ආදරණීය පෙම්වතිය හෝ ආදරණීය බිරිඳ බස් එකට ටිකට් එකක් මිලදී ගැනීමේදී හෝ පොළට ගොස් බඩුවක් මිලදී ගැනීමේදී ඉතාමත් පහසුවෙන් තම අත් බෑගයෙන් මුදල් සොයා ගන්නා ආකාරය පිළිබඳව ඔබට සුන්දර අත්දැකීම් ඇතුවාට සැක නැත. ඔවුන් තමාගේ ජංගම දුරකතනය, තම ලේන්සුව වැනි දෑ ද ඉතාමත් පහසුවෙන් තම අත් බෑගයෙන් සොයාගන්නේ තත්පර එකක් වත් යාමට මත්තෙනි.

ඉතාමත් කලාතුරකින් එක කාන්තාවක් තම අත් බෑගයෙන් භාණ්ඩයක් සෙවීමට විශාල කාලයක් මෙන්ම අධික වෙහෙසක් දරයි. අවසානයේ බෑගයත් වැසීමට අමතක කොට ඔහේ එල්ලාගෙන ගොස් බෑග් සොරුන්ගේ ගොදුරක් බවට පත් වේ. ඉතින් සොරුන්ට බැන බැන සිටිනවාට වඩා අපගේ ආරක්ෂාව අපිම සලසා ගැනීම වටින්නේය.

ඉහත රූපය බලන්න...

  • බෑගය තමාට නොපොනෙන මානයේ එල්ලා නොතියන්න.
  • බෑගයේ සිප් එක සෑම විටම වසා තබන්න.
  • එල්ලාගෙන යාමෙදී හැකිතාක් තම පපුවට තුරුලු කර ගෙන ගමන් බිමන් යන්න.
සුබ දවසක්. තවත් පෝස්ට් එකකින් හමු වෙමු.

ලිපිය වැදගත් සේ හැඟුනානම් හැකිතාක් යහලුවන් අතර බෙදා ගන්න(share).
අපගේ මුහුණුපොතේ(facebook) ලයික්(like) එකක් දැමීමටද අමතක නොකරන්න.

ජය වේවා!


Like the Post? Do share with your Friends.

5 comments:

මංතලාවට අපි ඔබව සාදරයෙන් පිලිගන්නෙමු!
මංතලාව යනු මගේ ජීවිතයේ දී මා යාමට තෝරාගත් මාවතයි. එහිදී මට හමුවූ, මා දුටු හා සොයා ගත් වැදගත් යැයි හැගෙන සියලු දේ "මංතලාව" හරහා මෙසේ ඔබ සමග බෙදා ගන්නෙමි...
ලිපිය කියවා කැමති අදහසක් ලියලා යන්න...
ලොග් වෙවී ඉන්න කරදර නම් "Comment as: Anonymous" තෝරලත් කමෙන්ටුවක් දැම්ම හැකි කිසි කරදරයක් නැතිව... නැත්නම් Facebook භාවිතා කර කමෙන්ට් කරන්න පහත කොටසින්..

Facebook Comments