Friday, October 4, 2013

ග්‍රිගොරි රස්පියුටින් හෙවත් පිස්සු පූජකයා(1 කොටස) | Grigori Rasputin - The Mad Monk (part 1)

මෙය කලකට ඉහත රුසියාවේ සිදු වූ සත්‍ය සිදුවීමකි.


ඔහු හැඩි දැඩි ශක්තිවන්ත පුද්ගලයෙකි. දීප්තිමත් තියුණු ඇස් යුගලක් ඇත්තෙකි. ඔහුගේ බැල්ම මායාකාරී ගුප්ත බවකින් යුක්ත විය. එකල රුසියානු රාජකීය පවුලට උපදේශකයෙකු, අනාවැකි පැවසූවෙකු මෙන්ම අධ්‍යාත්මක බලයෙන් ලෙඩ සුව කරන්නෙකු ලෙස සේවය කර ඇත. කාන්තාවන් අතර ආදරය හා ගෞරවයට පාත්‍ර වූවෙකි. පසු කලකදී මුලු ලෝකයේම ප්‍රසිද්ධියට පත් වන ඔහු උපත ලබන්නේ 1869 ජනවාරි 21 දින රුසියාවේ පිහිටි කුඩා ගමකය. මේ පිස්සු පූජකයා(The Mad Monk) හෙවත් රස්පියුටින්(Rasputin) ගේ කතාවයි.

පලමුව රස්පියුටින් ගේ කථාව පාදක කරගත්, සුප්‍රසිද්ධ බොනි(Boney M) එම් සංගීත කණ්ඩායම අතින් නිර්මාණය වූ ගීතයක් රසවිඳ සිටිමු. (මෙය ඔබ කලින් අසා ඇතුවාට සැක නැත.)


මොහුගේ කුඩා කල තොරතුරු සොයා ගැනීමට දුෂ්කර වූවත්, අවුරුදු 18දී ගමේ පිහිටි පල්ලියට 3න් මාසයකට ඇතුලත් වීම මගින් ජිවිතයේ නව පිටුවකට මුල පිරිනි. බයිබලය මැනවින් උගත් ඔහුට එහි ඇති පැටලිලි සහිත තැන් පවා සරලව කෙනෙකුට කියා දීමේ හැකියාව තිබුනා යැයි කියයි. ඉන්පසු විවාහයක් කර ගන්නා ඔහු දරුවන් 3ක් සාදයි. අධික බීමත් කම හා කාන්තාවන්ගේ ඇසුර සොයා යාමට පුරුදු වීම නිසා තම නිවස අතහැර යාමට සිදුවන්නේ ගම්මුන් ඔහුට විරුද්ධව ක්‍රියාත්මක වීමෙනි. වෙනත් පළාතක පල්ලියකට සම්බන්ධ වන ඔහු පල්ලියේ පියතුමාගේ මග පෙන්වීම යටතේ තව තවත් බොහෝ දෑ හදාරයි.

රස්පියුට්න් ට පූජකයෙකු යැයි කීවත්, කවදාවත් ඔහු කිසිදු ආගමක සැබෑ පූජකයෙකු නම් නොවීය. අධික මත් ලෝලියෙකු හා පුරසාරම් දොඩවන්නෙකු වූ රස්පියුටින්, තැබෑරුමකට ගොස් පවසන්නේ, "දෙවියන් අනර්ගයි. මේ මේසය ලස්සනයි. මට බීමට අවශ්‍යයයි. නමුත් මම අදරෙයි ජේසු තුමාට" කියාය. ඉන්පසු තමාට අනුන්ගේ සිත් කියවීමට හැකිය, ආධ්‍යාත්මික බලයෙන් ලෙඩ සුව කිරීමට හැකිය ලෙස පුරසාරම් දෙඩවීම නිසා නොබෝ කලකින් ඉහල සමාජය තුල ඔහුගේ නම ප්‍රසිද්ධ වීමට පටන් ගැනුනි.


එහෙත් ඇයි රුසියානු රාජකීයන් මොහුව තම මාලිගාවට ගෙන්වා ගන්නේ?

මෙයට කවුරුත් නොදන්නා රහස් හේතුවක් තිබිනි. එනම් මීලඟට රජ කිරුළ හිමිවීමට සිටින ඇලෙක්සි(Alexei) කුමරු හිමෝෆිලියාව නම් රෝගය වැලඳීම නිසා රෝගාතුර වී සිටීමයි. දොස්තරවරුන් පවා කුමරු තව වැඩි කාලයක් ජිවත්ව නොසිටින බව කී නිසා රස්පියුටින් ගේ උපකාරය ලැබීමට රජ පවුල පෙලෙබින. 

දිනක් කුමරුගේ රෝගය උත්සන්න වුනි. කුමරු වේදනාවෙන් මොර දෙද්දී රෙස්පියුටින් පැමින කුමරු සමග කථා බස් කරන්නට පටන් ගැනුනි. කුමරුගේ වේදනාව පහව ගොස් හිනා වෙවී රෙස්පියුටන් සමග කථා කරන්නට පටන් ගෙන ඇත. පසුවදා උදේ කුමරු වෙනදා හිටියාටත් වඩා හොඳින් දුව පැන සෙල්ලම් කිරීමට විය. රජ පවුලට ඔවුන් සොයමින් සිටි පුද්ගලයා හමුවිය, ඒ රෙස්පියුටන් ය. නමුත් අද වනතුරු රෙස්පියුටන් කුමක් කලාද කෙසේ රෝගය සුව කලාද යන්න රහසකි. ඇතමෙකු පවසන්නේ ඔහුගේ ඇස් දෙස බලා සිටීමෙන් මෝහනය වීමේ හැකියාව ඇති බවයි. නමුත් මෝහනයෙන් හිමෝෆිලියාව වැනි ශරීරය අභ්‍යන්තරයේ ලෙඩක් සුව කල හැකිද? (මම එය විශ්වාස නොකරමි)

රුසියානු රජ පවුල

මෙසේ කීපවතාවක් කුමාරයාව මරණයෙන් ගලවා ගත් නිසා රුසියානු රජ පවුලට රෙස්පියුටන් නැතිවම බැරි පුද්ගලයෙකු විය.

ඉන් පසුව මොකද වෙන්නේ? රැජින සමග ඇති කරගන්නා විශේෂ හාදකම ආදරයකට පෙරලෙයිද? රජ පවුල රෙස්පියුටන් ගේ බීමත් කම, ස්ත්‍රී ලෝලීත්වය ඉවසයිද? රෙස්පියුටන්ගේ මරණයට වග කිව යුත්තන් කවුරුද? ඒ මරණය පුදුම සහගත වන්නේ ඇයි? රෙස්පියුටන්ගේ අවසාන අනාවැකිය හරි යාවිද? පිළිතුරු දෙවන කොටසින් බලාපොරොත්තු වන්න...



Like the Post? Do share with your Friends.

9 comments:

  1. ඉක්මනින් 2වන කොටස ආවොත් හොදයි වගේ. නියමෙට ලියල තියෙනව!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඉෂාරා... ඉදිරි දින කිහිපය ඇතුලත 2 වන කොටස ලියා පල කරමි...

      Delete
  2. සින්දුව මෙන්ම එයට පාදක වූ කථාවද ඔබ රසවින්දා යැයි සිතමි.. 2 වන කොටසේදී රස්පියුටන්ගේ ජීවිත කතාවේ ඉතිරිය කෙසේ සිදුවෙන්නේ දැයි බලමු... :)

    ReplyDelete
  3. Niyamai.... 2nd part ekath ikmanatama one.........

    ReplyDelete

මංතලාවට අපි ඔබව සාදරයෙන් පිලිගන්නෙමු!
මංතලාව යනු මගේ ජීවිතයේ දී මා යාමට තෝරාගත් මාවතයි. එහිදී මට හමුවූ, මා දුටු හා සොයා ගත් වැදගත් යැයි හැගෙන සියලු දේ "මංතලාව" හරහා මෙසේ ඔබ සමග බෙදා ගන්නෙමි...
ලිපිය කියවා කැමති අදහසක් ලියලා යන්න...
ලොග් වෙවී ඉන්න කරදර නම් "Comment as: Anonymous" තෝරලත් කමෙන්ටුවක් දැම්ම හැකි කිසි කරදරයක් නැතිව... නැත්නම් Facebook භාවිතා කර කමෙන්ට් කරන්න පහත කොටසින්..

Facebook Comments