Saturday, October 5, 2013

ගූගල් යනු කුමක්ද? | What is a googol?


හොඳයි හැමෝම Google යන වචනය අසා ඇති. නමුත් Googol යන වචනය අසා තිබේද?

Googol යනු ගණිතයේදී භාවිතා වන වචනයකි. 10 හි 100 වන බලය Googol යන වචනයෙන් ප්‍රකාශ වේ. එනම් 1ට පසු අගට බිංදු 100ක් ලිවූ විට ලැබෙන සංඛ්‍යාව ගූගල්(Googol ) නම් වේ. විශේෂත්වය නම් මෙම Googol වචනය ලෝකයට බිහි කරන්නේ 1938 දී 9 හැවිරිදි මිල්ටන්(Milton Sirotta) නම් කුඩා දරුවෙකු වීමයි.




මෙය කෙතරම් විශාලද යත් දැනට කිසිදු තැනක කිසිදු යෙදීමකට මෙම සංඛ්‍යාව භාව්තයට ගත නොහැක. මෙහි විශාලත්වය තේරුම් ගැනීමට පහත සංඛ්‍යා සලකා බලන්න.

දහය = 10 = 101
සියය = 100 = 102
දහස = 1000 = 103
මිලියනය = 1,000,000 = 106
බිලියනය = 1,000,000,000 = 109
ත්‍රිලියනය = 1,000,000,000,000 = 1012

ගූගලය = 10,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000, 000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000,000 = 10100

හොඳයි දැන් බලමු කවුරුත් දන්නා Google යනු කුමක්ද කියා...

Google යනු අන්තර්ජාලයේ විවිධ සේවා සපයන ආයතනයක් මෙන්ම ඔවුන්ගේ සුප්‍රසිද්ධ අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයයි(search engine).

1998 දී නිකුත් වූ Google මුල් පිටුව(home page)
ඔවුන් පළමුව තම ආයතනයට/තම සෙවුම් යන්ත්‍රයට නම තැබීමෙදී, සෙවුම් විශාල සංඛ්‍යාවක් කිරීමට හැකිය යන අර්ථය ගෙන දෙන ගූගල්(Googol) යන නම තැබීමට තීරණය කෙරිනි. නමුත් Googol යන වචනය ලිවීමෙදී සිදුවූ අක්ෂර වින්‍යාසයේ වරදක් නිසා එය ලියා ඇත්තේ Google ලෙසය. ඉතින් එදා අකුරක් වැරදුනත් අද ඔවුනට නම් වැරදී නැති හැඩය...


Like the Post? Do share with your Friends.

4 comments:

  1. Now I know wt s Googol... Yeah! Thanks........ :)

    ReplyDelete
    Replies
    1. I need more than Googol... :) :)

      Delete
    2. Googolplex!!! Googolplex is "10 to the power of googol"...
      Googolplex = 10^googol = 10^(10^100)
      ;)

      Delete

මංතලාවට අපි ඔබව සාදරයෙන් පිලිගන්නෙමු!
මංතලාව යනු මගේ ජීවිතයේ දී මා යාමට තෝරාගත් මාවතයි. එහිදී මට හමුවූ, මා දුටු හා සොයා ගත් වැදගත් යැයි හැගෙන සියලු දේ "මංතලාව" හරහා මෙසේ ඔබ සමග බෙදා ගන්නෙමි...
ලිපිය කියවා කැමති අදහසක් ලියලා යන්න...
ලොග් වෙවී ඉන්න කරදර නම් "Comment as: Anonymous" තෝරලත් කමෙන්ටුවක් දැම්ම හැකි කිසි කරදරයක් නැතිව... නැත්නම් Facebook භාවිතා කර කමෙන්ට් කරන්න පහත කොටසින්..

Facebook Comments