ඔහු මට පුබ්බා විය. මම ඔහුට නුවා විය. ආත්ම ගානක සිට ඇති වී තිබූ බැඳීමක් නිසාදෝ අප හමුවී නොබෝ කලක් යාමට මත්තෙන් අපි හොඳම යහලුවන් වුනෙමු. සහෝදරයන් වුනෙමු.
ඉතින් පුබ්බා මේ ජිවිතයෙන් සමුගෙන අදට අවුරුද්දක් සම්පුර්ණ වූවත් ඒ ඇති වූ බැඳීම නම් සදා වෙනස් නොවී පවතින්නකි. ඔබ අපට දැක්වූ ආදරය කිසිදා අපේ මතකයෙන් දුරස් වන්නක් නොවේ. අප සියලු දෙනාගේ හදවතෙහි නුඹ අයිති කර ගත් ඉඩ සදා නුඹටම හිමි වූවකි.
ඉතින් ඔබට නිවන් සුව පතමි පුබ්බා!
සිටිනා තැනක සතුටින්, කිසිදු කරදරයක් නැතිව සිටිත්වා!
අප සමු නොගත්තෙමු
ඔබ කොහේ හිටියත්
මගේ හදවත තුල සිටිනු ඇත...
