Tuesday, October 15, 2013

බුලත් ගැන සියල්ල | All about the Betel

කාලෙකින් මංතලාවට අලුත් ලිපියක් එක් කිරීමට නොහැකි වූයේ වැඩ අධික වීම නිසාවෙනි. පසුගිය දිනයකදී එනම් ඔක්තෝබර් 6 වැනි දිනට ලෝක ගුරු දිනය යෙදී තිබිනි. දිවයිනේ සියලු පාසල් වල පාහේ ගුරුවරුන්ට උපහාර දැක්වීමට උත්සව සූදානම් කර තිබිනි. අප පාසලේද(මංතලාව ලියන මම ගණිත ගුරුවරයෙක්මි) ඉතා අනර්ග ගුරු උපහාර උළෙලක් දරුවන් විසින් සංවිධානය කොට තිබිනි. උදෑසනම සියලුම දරුවන් පාහේ ගුරුවරුන් හට බුලත් අතක් දී වැඳ ගෞරව දක්වන ලදී. ඉතින් දරුවන් අත තිබූ බුලත් අත් දුටු මා, මෙතෙක් මංතලාවේ බුලත් නොතිබූ අඩුව මෙසේ පුරවමි.

පිළිගන්වන විට බුලත් අත, කටේදී බුලත් විට, ඉනේදී බුලත් පයිය, ගෙදරදී බුලත් හෙප්පුව, මඟුලකදී බුලත් තට්ටුව, අවමඟුලකදී ඉලත්තට්ටුව, ගමනක් යන විට බුලත් මඩිස්සලය, ආගමික කටයුතු වලදී දැහැත් වට්ටිය, දේවාලයේදී දළු මුර, කුඹුරේදී බුලත් පෙට්ටිය, කාන්තාවන් ලඟදී බුලත් හැඹිලිය ආදී වශයෙන් බුලත විවිධාකාරයෙන් ජන ජීවිතය හා බැඳී පවතී.



Sunday, October 6, 2013

පුබුදු මනෝජ් ජයවර්ධන (පුබ්බා) | Pubudu Manoj Jayawardena (pubba)

ඔහු මට පුබ්බා විය. මම ඔහුට නුවා විය. ආත්ම ගානක සිට ඇති වී තිබූ බැඳීමක් නිසාදෝ අප හමුවී නොබෝ කලක් යාමට මත්තෙන් අපි හොඳම යහලුවන් වුනෙමු. සහෝදරයන් වුනෙමු.

ඉතින් පුබ්බා මේ ජිවිතයෙන් සමුගෙන අදට අවුරුද්දක් සම්පුර්ණ වූවත් ඒ ඇති වූ බැඳීම නම් සදා වෙනස් නොවී පවතින්නකි. ඔබ අපට දැක්වූ ආදරය කිසිදා අපේ මතකයෙන් දුරස් වන්නක් නොවේ. අප සියලු දෙනාගේ හදවතෙහි නුඹ අයිති කර ගත් ඉඩ සදා නුඹටම හිමි වූවකි.

ඉතින් ඔබට නිවන් සුව පතමි පුබ්බා!

සිටිනා තැනක සතුටින්, කිසිදු කරදරයක් නැතිව සිටිත්වා!

අප සමු නොගත්තෙමු
ඔබ කොහේ හිටියත්
මගේ හදවත තුල සිටිනු ඇත...


Saturday, October 5, 2013

ගූගල් යනු කුමක්ද? | What is a googol?


හොඳයි හැමෝම Google යන වචනය අසා ඇති. නමුත් Googol යන වචනය අසා තිබේද?

Googol යනු ගණිතයේදී භාවිතා වන වචනයකි. 10 හි 100 වන බලය Googol යන වචනයෙන් ප්‍රකාශ වේ. එනම් 1ට පසු අගට බිංදු 100ක් ලිවූ විට ලැබෙන සංඛ්‍යාව ගූගල්(Googol ) නම් වේ. විශේෂත්වය නම් මෙම Googol වචනය ලෝකයට බිහි කරන්නේ 1938 දී 9 හැවිරිදි මිල්ටන්(Milton Sirotta) නම් කුඩා දරුවෙකු වීමයි.



ඒම්ස් කාමරය(දෘෂ්‍ය මායා) | Ames Room(Optical Illusion)


අක්ෂි විද්‍යාඥයෙකු වූ ඇල්බර්ට් ඒම්ස්(Ophthalmologist - Adelbert Ames) විසින් 1934දී ඒම්ස් කාමරය(Ames room) නම් දෘෂ්‍ය මායාව නිර්මාණය කරන ලදී. මිනිසාගේ ඇසින් දැක මොළය වෙත පැමිනෙන රූප අපව රවටන ආකාරය මෙමගින් නිරූපණය කිරීමට උත්සහ කර ඇත.

මම මීට පෙරද ඉතා අනර්ග දෘෂ්‍ය මායා කිහිපයක් පිළිබඳ සටහනක් ලිව්වා ඔබට මතක ඇති. යම් හෙයකින් ඒවා මග ඇරුනා නම් පහත ලින්ක් වලට යාමෙන් ඒවා නරඹන මෙන් ඉල්ලා සිටිමි.
  1. අහසේ පාවෙන බෝට්ටුවක්
  2. ඉතා අනර්ග දෘෂ්‍ය මායා කිහිපයක් 
  3. ලෝකයේ හොඳම ත්‍රිමාන දෘෂ්‍ය මායා




Friday, October 4, 2013

ග්‍රිගොරි රස්පියුටින් හෙවත් පිස්සු පූජකයා(1 කොටස) | Grigori Rasputin - The Mad Monk (part 1)

මෙය කලකට ඉහත රුසියාවේ සිදු වූ සත්‍ය සිදුවීමකි.


ඔහු හැඩි දැඩි ශක්තිවන්ත පුද්ගලයෙකි. දීප්තිමත් තියුණු ඇස් යුගලක් ඇත්තෙකි. ඔහුගේ බැල්ම මායාකාරී ගුප්ත බවකින් යුක්ත විය. එකල රුසියානු රාජකීය පවුලට උපදේශකයෙකු, අනාවැකි පැවසූවෙකු මෙන්ම අධ්‍යාත්මක බලයෙන් ලෙඩ සුව කරන්නෙකු ලෙස සේවය කර ඇත. කාන්තාවන් අතර ආදරය හා ගෞරවයට පාත්‍ර වූවෙකි. පසු කලකදී මුලු ලෝකයේම ප්‍රසිද්ධියට පත් වන ඔහු උපත ලබන්නේ 1869 ජනවාරි 21 දින රුසියාවේ පිහිටි කුඩා ගමකය. මේ පිස්සු පූජකයා(The Mad Monk) හෙවත් රස්පියුටින්(Rasputin) ගේ කතාවයි.



Thursday, October 3, 2013

Wednesday, October 2, 2013

ගැට කපන්නන්ගෙන් බේරී සිටීමට සරල ක්‍රමයක් | Simple way to prevent being pickpocketed


පාරක බසයක කෝච්චියක ගමනක් යන විට, කොයි මොහොතක හෝ තමා ගැට කපන්නන් නැතහොත් පික්පොකට් කරුවන්ගේ ගොදුරක් බවට පත් වේ යැයි බියෙන් හා සැකයෙන් මා මෙන්ම ඔබත් සිටිනවා විය හැක. තමා මහන්සියෙන් උපයා ගන්නා ධනය තමාටත් නොදැනීම පික්පොකට් කරුවෙකු අතට යාම කිසිසේත්ම නොවිය යුත්තකි. ඉතින් මේ සටහන තමාගේ මුදල් පසුම්බිය(wallet/purse) රැක ගැනීමට කල හැකි සරල දෑ කිහිපයක් පිලිබඳව ය.



Facebook Comments