Sunday, September 29, 2013

ශ්‍රී ලංකාවේ මකරා | Sri Lankan Dragon


මකරා නම් සත්වයෙක් ලෝකයේ විවිධ රටවල විවිධ ආකාර හා ස්වරූප වලින් ජීවත් වී ඇත. හොඳයි මෙහෙම කියන්නම්කෝ, මකරා නම් මනඃකල්පිත සත්වයෙකු අතීතයේ විසූ සිත්තරුන්, කතා කරුවන්, මූර්ති හා කැටයම් ශිල්පීන් අතින් ඉතාමත් අනර්ග නිර්මාණයක් ලෙස ලොවට බිහි වුනි.

මාගේ "නොම්බර 9" ලිපියේ මකරා ගැන කුඩා සඳහනක් කලා ඔබට මතක ඇති. "නොම්බර 9" ඔබට මග ඇරුනා නම් මේ ලින්ක් එකට ගොස් කියවන්න. http://manthalawa.blogspot.com/2013/09/9-amazing-number-9.html

මම දන්නා මකරුන් දෙදෙනෙකු සිටියි. එකකු නම් හන්දියක් හන්දියක් පාසා හතු පිපෙන්නා සේ බිහිවන චයිනීස් ඩ්‍රැගන් නම් ආපනශාලා මකරාය. අනෙකා නම්, කුඩා කල මගේ සිතේ කුතුහලය හා ආශ්චර්යය මැවීමට සමත් වූ පන්සලේ මකර තොරණේ සිටි ඒ පුදුමාකාර සත්වයාය. මේ සටහන චයිනීස් ඩ්‍රැගන් ගැන නොව, ලන්කන් ඩ්‍රැගන් ගැනය.



Saturday, September 28, 2013

පුදුමාකාර නොම්බර 9 | The amazing number 9

මේ මාගේ නම වැනි බ්ලොග් ලිපියයි. ඉතින් පුදුමාකාර නවය(number 9) පිළිබඳ කරුණු කිහිපයක් මෙසේ ඔබ හා බෙදා ගැනීමට සිත් විය.
නවය(9) යන ඉලක්කම කෙරෙහි අපට ඇත්තේ බියකි. එය අවාසනාවේ සංඛේතයක් ලෙස අප රටෙහි බොහෝ දෙනා අතර මුල් බැස ගත් මතයයි. කෙසේ නමුත් නවය සම්බන්ධව කරුණු සොයා යාමෙදී මට හමුවු කරුණු කිහිපයක් මෙසේ ය.



Saturday, September 21, 2013

වීදි කුල්මත් කරන්නන් | Street performers

පාරක, කෝච්චියක හෝ බස් රථයක තම හැකියාව පෙන්වා කාසි කිහිපයක් එකතු කරගෙන පවුලක් පවා නඩත්තු කරමින් ජීවිතය ගැට ගසා ගන්නා ඒ සුන්දර මිනිසුන් කෙරෙහි කුඩාවියේ සිටම මට ඇත්තේ අසීමිත සෙනහසක් හා ගෞරවයකි. වීදි කුල්මත් කරන්නන්(street performers) ලෙස හදුන්වන ඔවුන් මම පාරකදී හෝ බසයක දුටුවිට නැවතී ඒව රසවිද මා අත තිබෙන රුපියල් කීයක් හෝ ඔවුන් අත තබා මගේ සෙනෙහස පෑමට අමතක නොකරමි.
ඔවුන් සින්දුවක් කියනවා විය හැක, බටනලා වාදනයක් කරනවා විය හැක, මැජික් එකක් පෙන්නනවා විය හැක, කඩදාසි මෝස්තරයක් කර පෙන්නනවා විය හැක, රබන් පදයකට කවියක් කියනවා විය හැක, කොටින්ම ඔවුන් දන්නා ඕනෑම මගුලක් කර පෙන්වනවා විය හැක; මට එය ප්‍රශ්නයක් නොවේ.  ඔවුන්ගේ ඉදිරිපත් කිරීම හොඳද නරකද යන්නත් මට ප්‍රශ්නයක් නොවේ. ඔවුන් තම හැකියාවෙන් ප්‍රයෝජනයක් ගෙන ජිවිතය ජය ගැනීමට දරන ප්‍රයත්නය අගය කරමි.



Wednesday, September 18, 2013

ලෝකයේ හොඳම ත්‍රිමාන දෘෂ්‍ය මායාව | World's best 3D optical illusion

හොඳම ත්‍රිමාන දෘෂ්‍ය මායාව කිව්වාට හොඳම ත්‍රිමාන දෘෂ්‍ය මායා කිහිපයක් මෙසේ ඉදිරිපත් කරමි. හේතුව ඒ සියල්ල එකම විදියකට සෑදුනු ඒවා වීමයි. වෙස් මුහුණක කුහරය පැත්තෙන් බැලූ විට හා පිට පැත්තෙන් බැලූ විට අපගේ ඇස හා මනස රැවටෙන ආකාරයෙන් මේවා නිර්මාණය වී ඇත.

මෙම වීඩියෝ පරිගණක භාවිතයෙන් නිර්මාණය කල ඒවා නොවන අතර කැමරා ප්‍රයෝග ද නොවෙන බව ඔබට සහතික වෙමි. තවද ඔබට නිවසේදීම සාදාගත හැකි අපූරු මායාවක් මෙම ලිපියේ අගට සඳහන් කර ඇත.

1. ඇල්බට් අයින්ස්ටයින් ගේ මුහුණ



Tuesday, September 17, 2013

වාහන තදබදයට විසඳුමක් | Solution for the traffic

ඔබ ශ්‍රී ලංකාවේ ජිවත් වන හෝ වුනු අයෙක් ලෙස වරක් දෙවරක් නොව සෑමදා වාගේ වාහන තදබදය නිසා දුකට හෝ කරදරයට පත්වූ අයෙක් බව නොඅනුමානය. එයට විසඳුමක් ලෙස මෙම ලිපිය මෙසේ ලියා තබන්නෙමි.
ලෝකයේ විවිධ රටවල මෙම ක්‍රමය අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල මේ වන විටත් බුක්ති විඳිමින් සිටී. අප රටේද නිසි බලධාරීන්ගේ නෙත මෙම ලිපිය වෙත යොමු වී අඩුම තරමින් දවසක් හෝ අත්හදා බැලීමට ශක්තිය ලැබේවායි ප්‍රර්ථනා කරමි. මෙය නිවැරදි හෝ එකම විසඳුම ලෙස මම ප්‍රකාශ නොකරන අතර, ලංකාවට මෙය ගැලපේද නැතිද කියාද මම නොදනිමි. නමුත් තදබදය වැඩි මාර්ග one-way කිරීම වාහන තදබදයට ඇති එකම විසඳුම නොවන බව තරයේ විශ්වාස කරමි.




Monday, September 16, 2013

පාවෙන දෘෂ්‍ය මායා(2 කොටස) | Floating Optical Illusions(part 2)

මා පසුගිය පෝස්ට් එකක අහසේ පාවෙන බෝට්ටුවක් නම් දෘෂ්‍ය මායාවක් ඉදිරිපත් කලා ඔබට මතක ඇති. එය නොදුටුවානම් පහත ලින්ක්(link) එකට ගොස් බලන්න.
http://manthalawa.blogspot.com/2013/09/levitating-boat-illusion.html

සරලවම කියනවානම් දෘෂ්‍ය මායාවක්(Optical Illusion) යනු අපගේ ඇසෙන් ග්‍රහනය කර ගන්නා රූප මොලය වෙත ගිය පසු සත්‍ය ට පටහැනි දෙයක් අපගේ සිතේ මවයි. වෙන විදියකින් කියනවා නම් අපගේ ඇස රවටයි.




Friday, September 13, 2013

නිවසේදී සාදපු ලැම්බොගිනිය | Homemade Lamborghini

ලංකාවේ අලුතින් ආරම්හ කල ලැම්බෝගිනි (Lamborghini) ප්‍රදර්ශනාගාරය පිළිබද ආරංචිය ඈසූ මම කොර වුනෙමි. මුහුනු පොතේ තිබූ ඡායාරූප ටිකකුත් දුටුවෙමි. කාර් ටිකනම් පංකාදුයි ඒත් ඉතින් ලංකාවේ පාරවල් වලට ඔවා හරියන්වද? හරියනවත් ඇති සමහරවිට.
කෙසේ වෙතත් අද පෝස්ට් එක ලැම්බොගිනි ප්‍රදර්ශනාගාරය පිළිබද නොව, ලැම්බොගිනියක් ගන්න වත්කමක් නැතුවාට ගෙදර ගරාජයේ සිට තම කාරය ලැම්බොගිනියක් කල නිර්මාණශීලී මිනිසෙකු පිළිබදවයි. මේ අපූරු මිනිසා අපට හමුවන්නේ යුක්‍රේනයෙනි (Ukraine).




Thursday, September 12, 2013

අපූරු පාවෙන බෝට්ටුවෙහි මායාව | Levitating Boat Illusion

අහසේ පාවෙන බෝට්ටුවක් ද? බලන්න තව ටිකක් විමසිල්ලෙන්... තේරුම් ගැනීමට හැකි උනාද?




Saturday, September 7, 2013

බිංදුවෙහි මූලාරම්භය | The Origin of Zero

මොකක්ද මේ බිංදුව කියන්නෙ? එය ගැන කතා කිරීමට තරම් වටිනවාද? අපගේ මාසික වැටුපෙන් අගට ඇති එක බිංදුවක් ගැලවී නිවසේ විදුලි බිලෙහි අගට එකතු වූවා යැයි සිතන්න. අති භයංකාරයි නේද? ගණිතයෙහි මහත් විප්ලවයක් කල බිංදුව ගැන කෙටි සටහනක් මෙසේ තබමි.



Wednesday, September 4, 2013

විශේෂ මිනිසෙකුට විශේෂ කාඩ් කුට්ටමක්


මැජික්කරුවන් හා සූදුකරුවන් අතර ඉතා ජනප්‍රිය පොතක් ලෙස S.W. Erdnase  විසින් රචිත  The Expert at the Card Table: The Classic Treatise on Card Manipulation යන පොත හදුන්වයි. කාඩ් කුට්ටම හැසුරුවීම පිලිබද ඔබ දැනගත යුතු සියලු දේ මෙන්ම කාඩ් කුට්ටම භාවිතයෙන් කල හැකි වංචා හා කාඩ් උපක්‍රම/මැජික් පිලිබදව පවා මෙහි විස්තර වේ. 1901 දී ලියවී ඇති මෙය මෙම විෂය සම්බන්දව මෙතෙක් සවිස්තරව ලියවී ඇති මුල්ම හා හොදම පොත ලෙස සැලකේ.
කෙසේ වෙතත් S.W. Erdnase මහතාව හමුවීමට හෝ ලිපියක් ලියා ස්තූති කිරීමට පවා කිසිවෙකුටත් නොහැකි විය. හේතුව නම්



Facebook Comments