ඔහු හැඩි දැඩි ශක්තිවන්ත පුද්ගලයෙකි. දීප්තිමත් තියුණු ඇස් යුගලක් ඇත්තෙකි. ඔහුගේ බැල්ම මායාකාරී ගුප්ත බවකින් යුක්ත විය. එකල රුසියානු රාජකීය පවුලට උපදේශකයෙකු, අනාවැකි පැවසූවෙකු මෙන්ම අධ්‍යාත්මක බලයෙන් ලෙඩ සුව කරන්නෙකු ලෙස සේවය කර ඇත. කාන්තාවන් අතර ආදරය හා ගෞරවයට පාත්‍ර වූවෙකි. පසු කලකදී මුලු ලෝකයේම ප්‍රසිද්ධියට පත් වන ඔහු උපත ලබන්නේ 1869 ජනවාරි 21 දින රුසියාවේ පිහිටි කුඩා ගමකය. මේ පිස්සු පූජකයා(The Mad Monk) හෙවත් රස්පියුටින්(Rasputin) ගේ කතාවයි.
පලමුව රස්පියුටින් ගේ කථාව පාදක කරගත්, සුප්‍රසිද්ධ බොනි(Boney M) එම් සංගීත කණ්ඩායම අතින් නිර්මාණය වූ ගීතයක් රසවිඳ සිටිමු. (මෙය ඔබ කලින් අසා ඇතුවාට සැක නැත.)
රස්පියුට්න් ට පූජකයෙකු යැයි කීවත්, කවදාවත් ඔහු කිසිදු ආගමක සැබෑ පූජකයෙකු නම් නොවීය. අධික මත් ලෝලියෙකු හා පුරසාරම් දොඩවන්නෙකු වූ රස්පියුටින්, තැබෑරුමකට ගොස් පවසන්නේ, "දෙවියන් අනර්ගයි. මේ මේසය ලස්සනයි. මට බීමට අවශ්‍යයයි. නමුත් මම අදරෙයි ජේසු තුමාට" කියාය. ඉන්පසු තමාට අනුන්ගේ සිත් කියවීමට හැකිය, ආධ්‍යාත්මික බලයෙන් ලෙඩ සුව කිරීමට හැකිය ලෙස පුරසාරම් දෙඩවීම නිසා නොබෝ කලකින් ඉහල සමාජය තුල ඔහුගේ නම ප්‍රසිද්ධ වීමට පටන් ගැනුනි.
එහෙත් ඇයි රුසියානු රාජකීයන් මොහුව තම මාලිගාවට ගෙන්වා ගන්නේ?
මෙයට කවුරුත් නොදන්නා රහස් හේතුවක් තිබිනි. එනම් මීලඟට රජ කිරුළ හිමිවීමට සිටින ඇලෙක්සි(Alexei) කුමරු හිමෝෆිලියාව නම් රෝගය වැලඳීම නිසා රෝගාතුර වී සිටීමයි. දොස්තරවරුන් පවා කුමරු තව වැඩි කාලයක් ජිවත්ව නොසිටින බව කී නිසා රස්පියුටින් ගේ උපකාරය ලැබීමට රජ පවුල පෙලෙබින.
දිනක් කුමරුගේ රෝගය උත්සන්න වුනි. කුමරු වේදනාවෙන් මොර දෙද්දී රෙස්පියුටින් පැමින කුමරු සමග කථා බස් කරන්නට පටන් ගැනුනි. කුමරුගේ වේදනාව පහව ගොස් හිනා වෙවී රෙස්පියුටන් සමග කථා කරන්නට පටන් ගෙන ඇත. පසුවදා උදේ කුමරු වෙනදා හිටියාටත් වඩා හොඳින් දුව පැන සෙල්ලම් කිරීමට විය. රජ පවුලට ඔවුන් සොයමින් සිටි පුද්ගලයා හමුවිය, ඒ රෙස්පියුටන් ය. නමුත් අද වනතුරු රෙස්පියුටන් කුමක් කලාද කෙසේ රෝගය සුව කලාද යන්න රහසකි. ඇතමෙකු පවසන්නේ ඔහුගේ ඇස් දෙස බලා සිටීමෙන් මෝහනය වීමේ හැකියාව ඇති බවයි. නමුත් මෝහනයෙන් හිමෝෆිලියාව වැනි ශරීරය අභ්‍යන්තරයේ ලෙඩක් සුව කල හැකිද? (මම එය විශ්වාස නොකරමි)
රුසියානු රජ පවුල
මෙසේ කීපවතාවක් කුමාරයාව මරණයෙන් ගලවා ගත් නිසා රුසියානු රජ පවුලට රෙස්පියුටන් නැතිවම බැරි පුද්ගලයෙකු විය.
ඉන් පසුව මොකද වෙන්නේ? රැජින සමග ඇති කරගන්නා විශේෂ හාදකම ආදරයකට පෙරලෙයිද? රජ පවුල රෙස්පියුටන් ගේ බීමත් කම, ස්ත්‍රී ලෝලීත්වය ඉවසයිද? රෙස්පියුටන්ගේ මරණයට වග කිව යුත්තන් කවුරුද? ඒ මරණය පුදුම සහගත වන්නේ ඇයි? රෙස්පියුටන්ගේ අවසාන අනාවැකිය හරි යාවිද? පිළිතුරු දෙවන කොටසින් බලාපොරොත්තු වන්න...
patta
ReplyDeleteThanks lash... Stay tuned for the 2nd part
Deletedefa ...
Deleteඉක්මනින් 2වන කොටස ආවොත් හොදයි වගේ. නියමෙට ලියල තියෙනව!
ReplyDeleteස්තූතියි ඉෂාරා... ඉදිරි දින කිහිපය ඇතුලත 2 වන කොටස ලියා පල කරමි...
Deleteසින්දුව මෙන්ම එයට පාදක වූ කථාවද ඔබ රසවින්දා යැයි සිතමි.. 2 වන කොටසේදී රස්පියුටන්ගේ ජීවිත කතාවේ ඉතිරිය කෙසේ සිදුවෙන්නේ දැයි බලමු... :)
ReplyDeleteHmm
ReplyDeleteNiyamai.... 2nd part ekath ikmanatama one.........
ReplyDeletelagadima daanawa,,,
Delete