Tuesday, April 1, 2014

තාරාව ද? හාවා ද? | Duck or Rabbit?


හොඳයි මෙයත් දෘශ්‍ය මායාවක් වුවත් ඉතා වැදගත් එකකි. හේතුව නම් දැනට සොයාගෙන ඇති පරිදි ලෝකයේ බිහි වූ පැරණිතම දෘශ්‍ය මායා වලින් එකකි මෙය. බහුරුත් චිත්‍ර වර්ගයට අයිති වන මෙය, එක් ආකාරයකින් බැලූ විට හාවෙකු පෙනෙන ලෙසත්, තවත් ආකාරයකින් බැලූ විට තාරාවෙකු පෙනෙන ලෙසත් ඉතා සූක්ෂම ව නිර්මාණය කර ඇත.

ජර්මානු විකට සඟරාවක් වන "Fliegende Blätter" හි මෙම රූපය පළමුව පල වී ඇත්තේ සිරස්තලය "හැඩහුරුව එක වාගේ සතුන් කවරෙක්ද?" යන්න පදනම් කර ගෙනය.

පසු කලක Ludwig Wittgenstein නම් දාර්ශනිකයා විසින් මෙම රුව ලෝකයෙහි ප්‍රසිද්ධ කරන ලද්දේ, යම්කිසි දෙයක තේරුම අපි බලන ක්‍රමය/කෝණය/විධිය මත රඳා පවතී යන්න විස්තර කිරීමට යොදා ගැනින.

ඉතින් ඔබට අනුව මෙය තාරාවෙකු ද? හාවෙකු ද?


මා මීට පෙර පොස්ට් වල දෘශ්‍ය මායා කිහිපයක් ගැන ලිව්වා ඔබට මතක ඇති. ඔබට ඒවා මගහැරුනා නම් පහත ලින්ක් තුලට ගොස් බලන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි.
  1. ලෝකයේ හොඳම ත්‍රිමාන දෘෂ්‍ය මායාව | World's best 3D optical illusion
  2. අපූරු පාවෙන බෝට්ටුවෙහි මායාව | Levitating Boat Illusion
  3. පාවෙන දෘෂ්‍ය මායා(2 කොටස) | Floating Optical Illusions(part 2)
  4. ඒම්ස් කාමරය(දෘෂ්‍ය මායා) | Ames Room(Optical Illusion)






Like the Post? Do share with your Friends.

2 comments:

  1. Duck in this position. When this turn 90 degrees to right side can see a Rabbitaaa.. Right?

    As u said there are no of this type of images. ( Hidden faces, old & young face etc..) . Did nt though they too optical illusions.
    Love to see more images...........

    ReplyDelete
    Replies
    1. yeah there are thousands... I will post more in the near future

      Delete

මංතලාවට අපි ඔබව සාදරයෙන් පිලිගන්නෙමු!
මංතලාව යනු මගේ ජීවිතයේ දී මා යාමට තෝරාගත් මාවතයි. එහිදී මට හමුවූ, මා දුටු හා සොයා ගත් වැදගත් යැයි හැගෙන සියලු දේ "මංතලාව" හරහා මෙසේ ඔබ සමග බෙදා ගන්නෙමි...
ලිපිය කියවා කැමති අදහසක් ලියලා යන්න...
ලොග් වෙවී ඉන්න කරදර නම් "Comment as: Anonymous" තෝරලත් කමෙන්ටුවක් දැම්ම හැකි කිසි කරදරයක් නැතිව... නැත්නම් Facebook භාවිතා කර කමෙන්ට් කරන්න පහත කොටසින්..

Facebook Comments