Tuesday, September 17, 2013

වාහන තදබදයට විසඳුමක් | Solution for the traffic

ඔබ ශ්‍රී ලංකාවේ ජිවත් වන හෝ වුනු අයෙක් ලෙස වරක් දෙවරක් නොව සෑමදා වාගේ වාහන තදබදය නිසා දුකට හෝ කරදරයට පත්වූ අයෙක් බව නොඅනුමානය. එයට විසඳුමක් ලෙස මෙම ලිපිය මෙසේ ලියා තබන්නෙමි.
ලෝකයේ විවිධ රටවල මෙම ක්‍රමය අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල මේ වන විටත් බුක්ති විඳිමින් සිටී. අප රටේද නිසි බලධාරීන්ගේ නෙත මෙම ලිපිය වෙත යොමු වී අඩුම තරමින් දවසක් හෝ අත්හදා බැලීමට ශක්තිය ලැබේවායි ප්‍රර්ථනා කරමි. මෙය නිවැරදි හෝ එකම විසඳුම ලෙස මම ප්‍රකාශ නොකරන අතර, ලංකාවට මෙය ගැලපේද නැතිද කියාද මම නොදනිමි. නමුත් තදබදය වැඩි මාර්ග one-way කිරීම වාහන තදබදයට ඇති එකම විසඳුම නොවන බව තරයේ විශ්වාස කරමි.

පලමුව ජර්මනියේ නගරයක් වෙත යමු.


ඔවුන් අත්හදා බැලීමක් ලෙස සංඥා පුවරු(road signs) හා සංඥා එළි(traffic lights) සියල්ල ගලවා දමයි. පුදුමයක් ලෙස නගරයේ එතෙක් තිබූ විශාල මාර්ග තදබදය හා අනතුරු මුලුමනින්ම පාහේ නැතිවිය.


එපමනක් නොව රියදුරන් හා පාරේ ගමන් කරනවුන් ඉතාමත් විනීතව තමාට මෙන්ම අනෙකාටද මාර්ගය අයිති බව තේරුම් ගෙන මාර්ගය භාවිතා කරන්නට පෙළෙබින.
මෙය නෙදර්ලන්ත ජාතික හාන්ස්(Hans Monderman) මහතාගේ "ඉඩ බෙදාගනිමු(shared space)" යන සංකල්පය ඔස්සේ ක්‍රියාවට නැංවූවකි.

දෙවනුව එංගලන්තයේ නගරයක් ගනිමි.

ඔවුනද සංඥා එළි(traffic lights) වසා දමා කුමක් වේ දැයි පරීක්ෂා කරන ලදී. නිරීක්ෂණ පුදුම සහගත විය. පහත වීඩියෝව නරඹා තම දෑසින්ම බලන්න. වාහන තදබදය හා අනතුරු අවම විය.


අවසාන වශයෙන් නවසීලන්තයේ වූ සිද්දියක් පවසන්නම්. එක් දිනක් නගරයේ විදුලිය විසන්ධි විය. වෙනදා මෙන් විදුලි සංඥා පද්ධතිය ක්‍රියාත්මක නොවූවත් වෙනදා තිබූ මාර්ග තදබදය එදින නොවීය. පහත වීඩියෝව නරඹන්න.


ඉතින් ලංකාවේත් විදුලි සංඥා එළි පද්ධතිය දවසකට හෝ අක්‍රීය කර බැලීම නොවටින්නේ ද?
ලංකාවේ තුංමුල්ල හන්දිය ගනිමු. විදුලි සංඥා එළි නොමැතිව වට රවුම් පමනක් තිබෙනවා මතකයි නේද? එහෙත් අනෙක් ප්‍රධාන හන්දි වලට වඩා වාහන තදබදය අවමයි නේද? අදහසක් පමනි, මොහොතක් සිතා බලන්න.

ඔබගේ වටිනා අදහස් පහත කමෙන්ටුවක් ලෙස සඳහන් කරන්න. ලිපිය යාළුවන් අතරේ බෙදාගෙන ඔවුන්ගේත් අදහස් විමසා බලන්න...

වෙනත් ලිපියකින් හමුවෙමු.. සැමට සුබ රාත්‍රියක්!


Like the Post? Do share with your Friends.

10 comments:

  1. If sm1 can remove those traffic police fellows too......!!!!
    thawa peya keepayakin udaawana dawasa obata subama suba dawasak ;-)

    ReplyDelete
    Replies
    1. "If sm1 can remove those traffic police fellows too" hahaa awesome comment Anon! :D

      Delete
  2. ah roundabouts are better. roundabouts would be a much better option

    ReplyDelete
  3. This wiil work in coutries where people are civilized. Not in uncivilized countries. In 5 minuites without the policemen or traffic lights.. you will see the biggest deadlock of vehicles everyday everywhere.

    ReplyDelete
    Replies
    1. Thanks Micro and i'm 100% agree with you. but i am not saying this has to replace policemen also. i am only giving my two cents.. :)

      Delete
  4. Good Solutions for traffic.. But... there s a doubt whether these techniques suit for Sri Lanka... They are PROUD Sri Lankans no....

    ReplyDelete
    Replies
    1. hmm hmmm.. not suitable for Kadawatha,Kiribathgoda junctions for sure. :P
      just kidding. yeah you are correct

      Delete
  5. very true,, fedup with traffic lights and policemen in junctions

    ReplyDelete

මංතලාවට අපි ඔබව සාදරයෙන් පිලිගන්නෙමු!
මංතලාව යනු මගේ ජීවිතයේ දී මා යාමට තෝරාගත් මාවතයි. එහිදී මට හමුවූ, මා දුටු හා සොයා ගත් වැදගත් යැයි හැගෙන සියලු දේ "මංතලාව" හරහා මෙසේ ඔබ සමග බෙදා ගන්නෙමි...
ලිපිය කියවා කැමති අදහසක් ලියලා යන්න...
ලොග් වෙවී ඉන්න කරදර නම් "Comment as: Anonymous" තෝරලත් කමෙන්ටුවක් දැම්ම හැකි කිසි කරදරයක් නැතිව... නැත්නම් Facebook භාවිතා කර කමෙන්ට් කරන්න පහත කොටසින්..

Facebook Comments