Wednesday, September 4, 2013

විශේෂ මිනිසෙකුට විශේෂ කාඩ් කුට්ටමක්


මැජික්කරුවන් හා සූදුකරුවන් අතර ඉතා ජනප්‍රිය පොතක් ලෙස S.W. Erdnase  විසින් රචිත  The Expert at the Card Table: The Classic Treatise on Card Manipulation යන පොත හදුන්වයි. කාඩ් කුට්ටම හැසුරුවීම පිලිබද ඔබ දැනගත යුතු සියලු දේ මෙන්ම කාඩ් කුට්ටම භාවිතයෙන් කල හැකි වංචා හා කාඩ් උපක්‍රම/මැජික් පිලිබදව පවා මෙහි විස්තර වේ. 1901 දී ලියවී ඇති මෙය මෙම විෂය සම්බන්දව මෙතෙක් සවිස්තරව ලියවී ඇති මුල්ම හා හොදම පොත ලෙස සැලකේ.
කෙසේ වෙතත් S.W. Erdnase මහතාව හමුවීමට හෝ ලිපියක් ලියා ස්තූති කිරීමට පවා කිසිවෙකුටත් නොහැකි විය. හේතුව නම්
ඔහුගේ ලිපිනය හා  S.W. Erdnase  යන නම පවා නිවැරදි එකක් නොවීමයි. අප්‍රකට ජීවිතයක් ගත කල එතුමා ගැන කිසිම තොරතුරක් මෑතක් වන තුරුම සොයා ගැනීමට කිසිවකුවත් සමත් වූයේ නැත.

පොතෙහි පිට කවරය

පසුව අවුරුදු ගණනාවක් පුරාවට කරන ලද සමීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙස, එකල විසූ  W.E.Sanders නම් පුද්ගලයෙකු පිලිබද තොරතුරු පසුව අනාවරණය ව්නි. කාඩ් ක්‍රීඩාවට මෙන්ම කාඩ් උපක්‍රම/මැජික් වලට බෙහෙවින් ආදරය කල මොහු, විනෝද චාරිකාවක් සදහා ගියත් කාඩ් කුට්ටම් 10ක් 12ක් ඔහු සමග ගෙන යාමට අමතක නොකලේය. තමන් මෙතෙක් ඉගෙන ගත් හා සොයාගත් දැනුම ලෝකයට දායද කිරීමට පසු කලකදී W.E. Sanders යන නම ආපස්සට ලියා S.W.Erdnase ලෙස අලුත් නමක් ආරූඩ කරගෙන මෙසේ පොතක් ලියූ බව විශ්වාස කෙරේ.

Erdnase / Sanders මහතාට ගරු කිරීමක් ලෙස The Conjuring Arts Resource Center නම් සංවිධානය විසින් නව කාඩ් කුට්ටමක් එලි දක්වන ලදී. කාඩ් පතෙහි උඩු කොටස බැලූ කල  S.W.Erdnase  ලෙසත්, යටි කොටස බැලූ කල W.E. Sanders ලෙසත් දිස් වෙන ආකාරයට නිර්මාණය කර ඇත.

කාඩ් පතෙහි පිටුපස නිර්මාණය කර ඇති අයුරු. මෙය Scott Kim ගේ නිර්මාණයකි.




Like the Post? Do share with your Friends.

22 comments:

  1. go ahead...nice article and i wish u best my dr bro...

    ReplyDelete
  2. The best article I have ever read abt MAGIC..
    We need more... Proud f U Lv..

    ReplyDelete
  3. නොදන්නා දෙයක් ගැන පැහැදිලිව ලියලා තියෙනවා, නිවාඩුව අර්ථවත්ව ගත කරල වගේ.

    Keep it up magic boy :)

    ReplyDelete
    Replies
    1. පැහැදිලිව තේරුනා නම් ගොඩම තමා... ස්තූතියි ගල් ලෑල්ල

      Delete
  4. සුපිරි...............දිගටම ලියන්න.......................

    ReplyDelete
    Replies
    1. එලzzz අපේ වෙබ් පාඨශාලාව. දිගටම කියවන්න...

      Delete
  5. Thats u r eednas (sandee)

    ReplyDelete
    Replies
    1. Thanks Anon (ම්ම්ම් කව්ද මේ... මම ගැන දන්න කෙනෙක් වගෙ)

      Delete
  6. ela.mama The Expert at the Card Table book eka kiyawanna ona

    ReplyDelete
    Replies
    1. elaz aniwa kiyawanna. honda card worker kenek dena ganna oni okkoma slights eke thiyenawa! slights wagema magic tricks, cheat karana widiya ewath thiyenawa.. ;)

      Delete
  7. machan sandeehero thawa me wage magic ewa dapan

    ReplyDelete
    Replies
    1. ok machan. anith post eka magic sambanda deyak liyannam

      Delete

මංතලාවට අපි ඔබව සාදරයෙන් පිලිගන්නෙමු!
මංතලාව යනු මගේ ජීවිතයේ දී මා යාමට තෝරාගත් මාවතයි. එහිදී මට හමුවූ, මා දුටු හා සොයා ගත් වැදගත් යැයි හැගෙන සියලු දේ "මංතලාව" හරහා මෙසේ ඔබ සමග බෙදා ගන්නෙමි...
ලිපිය කියවා කැමති අදහසක් ලියලා යන්න...
ලොග් වෙවී ඉන්න කරදර නම් "Comment as: Anonymous" තෝරලත් කමෙන්ටුවක් දැම්ම හැකි කිසි කරදරයක් නැතිව... නැත්නම් Facebook භාවිතා කර කමෙන්ට් කරන්න පහත කොටසින්..

Facebook Comments