දිනක් දුම්රියක් එන තුරු දුම්රිය නැවතුම් ස්ථානයක(හෝමාගම අවට) සිටියදී එහි ස්ථානාධිපති සමග සුහද කතා බහකට මග පෑදිණි. ඔහු ද මා මෙන් පැරණි ගීත වලට ආදරය කරන පැරණි චිත්‍රපටි වලට ආදරය කරන සොඳුරු මිනිසෙකි. ඉතා වටිනා පැරණි චිත්‍රපටි එකතුවක් මෙන්ම, ඒවා වටා බැඳී රස කතා ගොන්නක් ද ඔහු සතුය. එසේ කිවූ එක කතාවක් මෙසේ ඔබ හා බෙදා ගන්නේ එහි ඇති හාස්‍ය රසය නිසාමය. ඔහු කතාව පටන් ගත්තේ මෙසේය,
"මල්ලි මාගේ ගම මාතර. මේක අපේ පැත්තේ වුනු ඇත්ත සිද්දියක්"
"මාතර ඉපදිලා හැදිලා වැඩිලා මේ කතාව කියන එක වැරදිද මන්ද. එත් නිකමට වගේ කියන්නම්කෝ..."
"ඔන්න ඒ කාලේ කොළඹ වාර්තා තබමින් දුවපු චිත්‍රපටියක් තමා "මේ දෑස කුමටද" කියන්නේ.
ඒ කාලේ මාතර ස්ටේෂන් එක ඉස්සරහ තිබ්බ හෝල් එකටත් මේක ගේනවා ඉතින් පෙන්නන්න කියල. ඔන්න දැන් මංගල දර්ශනය. වැල නොකැඩි සෙනග බලාපොරොත්තු වුනත් බලු බල්ලෙක්වත් ආවේ නැහැ චිත්‍රපටිය බලන්න. දෙවැනි දවසෙත් එහෙමමයි. තුන්වෙනි දවසෙත් එහෙමමයි. ඉතින් හෝල් එකේ ලොක්ක එකේ වැඩ කරන සේවකයෙක් ගෙන්නලා ඇහුවලු,
"ඈ බං කොළඹ බොක්ස් ඔෆීස් ගහපු ෆිල්ම් එක බලන්න මොකෝ මේ කව්රුත් එන්නේ නැත්තේ?" කියල.
සේවකයා "සර්, මම හෙට සෙනග ගෙන්නලා පෙන්නන්නම්කො" කිව්වලු.
ඒ කිව්වත් වගේම හෝල් එක පිරෙන්න සෙනගලු.
මුකුත් හිතාගන්න බැරි වුනු ලොක්ක සේවකයාව ගෙන්නලා ඇහුවලු, "ඈ බං, උඹ මොකෝ කලේ සෙනග ගෙන්න ගන්න?"
"අය්යෝ සර්... පොඩි දෙයයි. චිත්‍රපටියේ බෝඩ් එකේ නම වෙනස් කළා..."
"මේ දෑස මක්කටැයි" කියල...
ඔන්න ඔහොමලු වුනා කියන්නේ...
මේ දෑස කුමටද හි ලස්සන සින්දුවක්
No comments:
Post a Comment
මංතලාවට අපි ඔබව සාදරයෙන් පිලිගන්නෙමු!
මංතලාව යනු මගේ ජීවිතයේ දී මා යාමට තෝරාගත් මාවතයි. එහිදී මට හමුවූ, මා දුටු හා සොයා ගත් වැදගත් යැයි හැගෙන සියලු දේ "මංතලාව" හරහා මෙසේ ඔබ සමග බෙදා ගන්නෙමි...
ලිපිය කියවා කැමති අදහසක් ලියලා යන්න...
ලොග් වෙවී ඉන්න කරදර නම් "Comment as: Anonymous" තෝරලත් කමෙන්ටුවක් දැම්ම හැකි කිසි කරදරයක් නැතිව... නැත්නම් Facebook භාවිතා කර කමෙන්ට් කරන්න පහත කොටසින්..